
(සුජිත් හේවාජුලිගේ)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී ඇතැයි විදුලි බල බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එමෙන්ම විදුලිය බිඳ වැටීම් සිදුවීම් 36900ක් සිදුවී ඇතැයිද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පවසන්නේ ඔහුගේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
මෙම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බව පවසන අමාත්‍යවරයා විදුලිය බිඳ වැටී හැටිය ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලිය සපයා යථා තත්ත්වයට පත් කරන බවද ප්‍රකාශ කළේය.
මේ අතර විදුලි පාරිභෝගිකයන්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුම් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලිය විසන්ධි වීම පිළිබඳව දැනුවත් කළ හැකි බවද අමාත්‍යවරයා එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිඳ වැටීම් ගැන ඇමැති කතා කරයි
Kazi Shajahan Thursday, 23 May 2024 02:12 PM
බිඳවැටී තිබුණු පැයගණනට පාරිභෝගික අපට වෙන පාඩුව. ගෙවන්න CEB එකට බැරිද? ඕනෑනම් පනතක් ගේන්න.
Aloka Thursday, 23 May 2024 02:54 PM
1987 කියන්නෙ දැනට අවුරුදු 37 කට පෙර අවුරුද්දක් කියලා මතක් කරන්න කැමැතියි. ඒ කාලේ රාජ්‍ය සේවකයින් කටයුතු කළ ආකාරයට එම අංකය සාර්ථකව ක්‍රියාත්මක වුණත් දැන් කාලයේ රාජ්‍ය සේවකයින් කටයුතු නොකරනවා වගේ එම දුරකථන අංකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ..
විජිත් Thursday, 23 May 2024 11:43 PM
කාංචන, තව මාස දෙකක් විතර ඔය විහිළු කතන්දර කියකියා ඉන්නකෝ.. ඊට පස්සේ ජනාධිපතිවරණය.. ඊට පස්සේ මහමැතිවරණය. මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔය යක්ෂයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ (ඔබත් ඇතුළුව) ඔක්කෝම ආයෙත් පාර්ලිමේන්තු නොඑන්නම ගහගෙන යනවා. සමහරු ගෙදර ඉඳීවි, බොහෝ දෙනෙක් හිරගෙවල්වල කූරු ගනිමින් ඉඳීවි.. තව එකක්.. ඔය කට්ටියම බල්ලා මාර්ක් තමයි.