IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්න යයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා මුදල් තැන්පතුවලට හිමිවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට ගෙවීමට කටයුතු කරන බව නීතිපතිවරයා නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (08) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම දැනුම් දීම සිදු කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මාල් විග්නේෂ්වරන් මහතා විසිනි .

විදුලි පාරිභෝගිකයන් ගේ සංගමය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සමක් එල්. ටී. බී. දෙහිදෙණිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි බල ඇමැති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන් ගෙන් ලබාගන්නා මුදල් තැන්පතු සඳහා අයවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට නොලැබෙන බව පෙත්සමේ සඳහන් වෙයි .

අඩු මුදලට විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් වන සූරිය පැනල ක්‍රමයද ලංකා විදුලිබල මණ්ඩලය භාවිත නොකරන බවත් එබැවින් මෙම තත්ත්වය තුළ පාරිභෝගිකයන් ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් එමගින් පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සඳහන් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

 



අදහස් (5)

විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්න යයි

Lasantha Tuesday, 09 August 2022 05:34 AM

ඉල්ලුම් පත් දාලා වයර් නෑ මීටර් නෑ කියන එකට විසඳුමක් නැද්ද?

:       0       1

Bamunuarachchi Tuesday, 09 August 2022 08:06 AM

අපේ තැන්පත් මුදල් බැංකුවේ දමාගෙන ඒ පොලිය ඔවුන් භුක්ති විඳින ගමන් ඔවුන්ගේ උපයනවිට බද්ද හා මනුව හරියට කියවනවාට වැඩිපුර දීමනා ජනතාව ගෙවනවා. මේක හරි විහිළුරටක්... අරගලයට යන දරුවනේ තාත්තලාගේ මේ කෙරුවාවල් වලට විරුද්ධව ගෙදරදීම අරගල කරපල්ලා...

:       0       1

Bamunuarachchi Tuesday, 09 August 2022 09:11 AM

තැන්පත් කල දවසේ සිට පොළිය ගෙවනවාද?

:       0       0

පියල් ද සොයිසා Thursday, 24 November 2022 06:31 PM

අලුතෙන් විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට වරලත් ඉන්ජිනේරු වරයෙකුගේ අත්සන ලබා ගැනීම අනිවාර්ය කර ඇත. මේ සඳහා ඉන්ජිනේරුවරයෙකු රුපියල් 4000 වැඩි මුදලක් අය කරයි මෙය පාරිභෝගිකයා මත අනවශ්‍ය වියදමක් පැටවීමකි මෙයට විරුද්ධව කටයුතු කරන්න.

:       0       0

Piyal de zoysa Thursday, 24 November 2022 06:39 PM

අලුතෙන් විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට වරලත් ඉන්ජිනේරු වරයෙකුගේ අත්සන ලබා ගැනීම අනිවාර්ය කර ඇත මෙම අත්සන සදහා ඉන්ජිනේරු වරයෙකු රුපියල් 4000 වැඩි මුදලක් අය කරයි. මෙය විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට අනවශ්‍ය බරකි. මෙයට විරුද්ධව කටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 427 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site