IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි-ජල බිල් ගෙවාගනන බෑ ජනතා අදෝනා

(සුජිත් හේවාජුලිගේ )


අධික විදුලි බිල් සහ  ජල බිල්  ගෙවීම දුෂ්කර බව පවසමින්  ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පැමිණ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම විශාල වශයෙන් වැඩිවී  ඇතැයි වාර්තාවේ.

තමන්ගේ නිවෙස්වලට විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන ජනතාවගෙන් වැඩි පිරිසක් විදුලි බිල් සහ  ජල බිල්  පිළිබඳ ප්‍රශ්න රැගෙන පැමිණෙන අය බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.

විදුලි බිල් නිසි වෙලාවට නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කෙරුණු නිවෙස්වල  හිමිකරුවන් විශාල පිරිසක්ද උදව් බලාපොරොත්තුවෙන් දිනපතා පැමිණෙන බව ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසූවේ  විදුලි බිල පිළිබඳ ප්‍රශ්න රැගෙන ජනතාව නිවෙසට පැමිණීම වැඩිවී ඇති බවයි.

කෙසේ වෙතත් ජනතා සේවයට කැපවන මන්ත්‍රීවරුන් ලෙස ඒ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට  සිදුව ඇතැයිද   ඔහු සඳහන් කළේය.



අදහස් (4)

විදුලි-ජල බිල් ගෙවාගනන බෑ ජනතා අදෝනා

Kazi Shajahan Sunday, 10 March 2024 12:19 PM

ඔක්කොම ජනතාව විදුලිය පාවිච්චි කරන දවසක කොළඹ ඇවිල්ලා නඩුවට බලපෑම් කරන්න ඕනෑ හොඳින් හෝ නරකින්... එදා ගෝඨාභය එළවන්න ආවා වගේ ජනතාව ඒකරාශි වුණාම ආණ්ඩුව බයවෙනවා.

:       0       0

සෙනෙවිරත්න Sunday, 10 March 2024 02:38 PM

සැවොම ගැන නෙවෙයි, ඔය සමහර බිල ගෙවාගන්න බැහැ කියන අයගේ චර්යාව බැලුවොත්, සිම්කාඩ් දෙකතුනක්, කඩෙන් කොත්තු රයිස් කන, ලඟම තියෙන තැනටවත් පයින් නොයන ජන කොටස් තමයි ඉල්ලන් කෑම තමයි ජාන ගත පුරුදු...!

:       0       0

saman Sunday, 10 March 2024 02:41 PM

කොහෙද ඉතින් අපිට නාමල්ට වගේ විදුලි බිල ගෙවලා දෙන්නට කෙනෙක් නැහැනේ...

:       0       0

Jayasekara Monday, 11 March 2024 10:12 AM

ඔගොල්ලත් ආණ්ඩුවක් පිහිටපු දවසකට ඒවාට ඇහුම් කන් දෙන්නේ නැත .ඊට පස්සේ ඒවාට ඇහුම් කන් දෙන්නේ පැරදිලා ආපහු විපක්ෂෙට යන සෙට් එක තමයි .ඕක තමා ලංකාවේ සිස්ටම් එක.රැවටෙන්නේ මහජනතාව හැමදාම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site