(යොහාන් භාසුර)
විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රට පුහුණ පා සිටින විදුලි සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී නිලධාරීහූ ජනාධිපතිවරයාට එසේ දැනුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශවල නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස්දී තිබේ.
දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වලකින ලෙස එහිදී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලි කප්පාදුව 5 වැනිදා අවසන්
wicky Wednesday, 02 March 2022 07:53 PM
දැන් නැති ඩොලර් කොහෙන්ද? එතකොට විදුලිබල මණ්ඩලය තෙල් නැහැ නම් කොහෙන්ද එකපාරටම මතු වෙන්නේ....? පැහැදිලි මදි හොඳටම මොකක්ද වෙන්නේ...? කොහොමද කෙරෙන්නේ කියන එක. ඒ නිසා 5 වෙනිදා කියන්නේ සෙනසුරාදා, දවස් කීයක් කපන්නෙ නැද්ද කියන එක කියන්න බලන්න ප්ලීස්...!
fairoos Wednesday, 02 March 2022 08:12 PM
මේ වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන... බයියන්ට නම් සැප...!