IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලිය පෞද්ගලීකරණය නොකළ යුතුයි

(යොහාන් භාසුර)

විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යැයි කියැවෙන සංකල්ප පත්‍රිකාවක් මේ දිනවල සමාජ අවකාශයේ ඇති බවත් එය අනාගත විදුලිබල පනත යැයි හදුන්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (3) පැවසීය.  

විදුලිබල උත්පාදනය සඳහා අලුත් බලපත්‍ර දීමට යෝජනා කරන මෙය ආණ්ඩුව ඉදිරිපත් කරන  පනත ද කිවයුතු බවත් ඒ සමඟම ආණ්ඩුව සතු ලක්ෂපාන  සහ කෙහෙල්ගමුව ඔය සහ මස්කෙළිය යටතේ ඇති සියලු බලාගාරත්, මහවැලි ගඟ යටතේ ඇති බලාගාර තවත් කොටසක් ලෙසත් පෞද්ගලීකරණ කරන බවත් ඒ මහතා කීය.

සමනලවැව, උමාඔය, කුකුලේ ගඟ වැනි අනෙකුත් බලාගාර තවත් කොටසක්  ලෙස යෝජනා කර ඒවා පෞද්ගලිකරණය කරන්නේ ද යන්න රජය හෙළිකළ යුතු බව කී මහාචාර්යවරයා මෙම බලාගාරවලට ජලය නිකුත් කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජල ප්‍රවාහයන්ගෙන්  රටේ කෘෂිකාර්මික අවශ්‍යතාව  සඳහා ජලය ලබා ගැනීම ගැනීම අර්බූදයකට යා හැකි බව ද සඳහන් කළේය.

මෙම පනතින් විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය පෞද්ගලික අංශයට ලබාදීම ඉඩක් මේ තුළ තිබීම නිසා එය නොකළ යුත්තක් බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. 



අදහස් (1)

විදුලිය පෞද්ගලීකරණය නොකළ යුතුයි

මහී Thursday, 04 May 2023 07:33 AM

දියවන්නාවේ ඇති නාකි ලගිනා සුදු අලි ආයතනය සියල්ලට කලින් පෞද්ගලීකරණය කල යුතුය . .... අහෝ දුකකි එය දැනටමත් සමාගම් දෙකකින් පාලනය වේ. පෞද්ගලීකරණයේ අනිටු විපාක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site