IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විදුලිබල සේවකයන්ට ප්‍රසාද දීමනාව නෑ

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා මෙම වසරේ ද නොදීමට එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලාභයක් ලැබුව ද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලි ගාස්තු අඩු කිරීමට යොදවා ඇති බව කී එම නිලධාරියා ඒ හේතුවෙන් මෙම වසරේ ද ප්‍රසාද දීමනා ගෙවීමේ හැකියාව නැතැයි සඳහන් කළේය.

ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් දෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ සළකාබැලීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය පසුගියදා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.



අදහස් (4)

විදුලිබල සේවකයන්ට ප්‍රසාද දීමනාව නෑ

Kazi Shajahan Monday, 09 December 2024 04:00 PM

රංජන් ජයලාල්ට පාරේ බැහැලා යන්න බැරිවෙන්න වැඩේ කළා. කොහොමද රංජන් ඇඬෙන්නම දුන්නනේ NPP එක...

:       1       21

nanda Monday, 09 December 2024 05:06 PM

ජනතාවට දුන් පොරොන්දු අමතක කිරීම මේ රටේ දේශපාලනඥයින්ගේ පුරුද්දක්...

:       4       17

මැක්ස් Monday, 09 December 2024 06:20 PM

ඒකට නම් ආණ්ඩුවට අපිත් අත්පුඩියක් ගහනවා. කංචන කියපු දේ අහන්න වුණා එහෙනම් ආණ්ඩුවට...!

:       2       15

Sirisena Tuesday, 10 December 2024 07:11 AM

ඉතාමත් කාලෝචිත අදහසක් කියන්න පුළුවන්... ඔවුන්ට ප්‍රසාදයට දීමනා දෙනවා නම් විදුලිය ලබාගැනීමට පාරිභෝගිකයින් තැන්පත් කරන මුදල් සඳහාත් මණ්ඩලයේ අයට ප්‍රසාද දීමනා ගෙවන සෑම අවස්ථාවකදීම තැන්පතු වෙනුවෙන්ද ප්‍රසාද දීමනා මෙතෙක් හිඟ මුදල් සමගම ගෙවීමට අනිවාර්යයෙන් කටයුතු කළයුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site