IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු  මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා   පැවසීය

ඉන් පුරප්පාඩු වන විදුලිබල මණ්ඩලයේ  සභාපති ධූරයට එහි උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා  පත් කිරීමට නියමිතය.

විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන්  ආන්දෝලනාත්මක තත්ත්වයක්  පසුගිය දිනවල ඇතිවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ඒ ප්‍රකාශය පසුව ප්‍රතික්ෂේප කළේ‍ය.

ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේ  සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් පැවසුවේ එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවයි.

කෝප්  කමිටුවේ දී තමා කළ පැහැදිලි කිරීමේ දී පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදු වූ බව ද ඒ සම්බන්ධයෙන්  කොන්දේසි විරහිතව සමාව ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 



අදහස් (9)

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Kamal Koyrala Monday, 13 June 2022 03:19 PM

කෝපරේට් කමිටුවට මින් ඉදිරියට කැඳවන අයගෙන් ෆිට්නස් සහතිකයක් රැැගන පැමිණිය යුතුයි. රැස්වීම් පැවැත්වෙන දින පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම දිය යුතුයි.

:       2       23

යෝගා Monday, 13 June 2022 03:35 PM

එක මොලේ අමාරුකාරයෙක් රුසියාව තරහ කෙරෙව්වා... මෙයා හැදුවේ ඉන්දියාවත් තරහ කරවන්න. නිකම්ම ඉල්ලා අස්වෙලා යන්න දෙන්න බෑ. දඬුවම් දිය යුතුයි.! 

:       15       17

prachanda Monday, 13 June 2022 03:40 PM

අස්වෙන්න ඉස්සෙල්ලා අස් කරන්නයි තිබුණේ.. මේ වයසට ඔලුව මඤ්ඤන් වෙලා ඇත්තේ..

:       9       15

Raj Monday, 13 June 2022 04:31 PM

ඇත්ත කියවුන නිසා...

:       2       29

VIra Monday, 13 June 2022 04:45 PM

කිසිම වගකීමක් නැහැ...

:       3       9

Praba Monday, 13 June 2022 04:58 PM

කවුද ඇත්ත කිව්වේ කියලා හිතාගන්න බැරි නෑනේ..!

:       2       19

sharm warn Monday, 13 June 2022 05:26 PM

වයසට යනකොට කළ යුතු දේවල් කළා නම් මේ අවුල නැහැනේ... මෙයාගෙන් තේරුම් ගන්න අනිත් වයසක උන්දැලාගේ කෙරුවාවේ බරපතලකම... බලෙන් පුටුවල එල්ලිලා ඉඳන් අමන තීරණ ගන්න අය...

:       1       8

R.J.Solomons Monday, 13 June 2022 05:43 PM

වගකීමකින් තොරව එම ප්‍ර්‍රකාශනය ඕපපාතිකව ඉදිරිපත් කළා යැයි අපට නිගමනය කළ නොහැකියි. එම තනතුරු ඉතා ඉහළ තලයේ පදවියකි. එසේ ඔහු කලබලයට පත්ව එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තේ අනිවාර්යයෙන්ම කවුරුන් හෝ ප්‍රබලයෙකුගේ ඉල්ලා සිටීම මතයි. එසේ මානසික ආතතියෙන් ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවේ නම්, ඔහු අනිවාර්යයෙන්ම ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන මානසික රෝගියෙකි. ඔහුගේ හෙලිදරව්ව දැන් වෙනස් කළ නොහැකිය. ඔහුගේ ඉල්ලා අස්කිරීමට අනුව ඔහු කළ ප්‍රකාශය තවදුරටත් සත්‍යයක් බවට තහවුරු කරයි. මෙවන් අඳබාල දේශපාලන නායකයින් ඉන්න රටක මීටත් වඩා ඵලදායිතාවයෙන් යුතු සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි..

:       1       9

ගමේ එකාලා Monday, 13 June 2022 06:15 PM

අස් වුණාද? නැත්නම් අස් වෙන්න කියලා ඉහළින් නියෝගයක් ආවාද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 306 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site