(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැත්වුණු සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්වූ බව එම ආයතන ප්‍රධානීහු ජාතික සභාවට අද (14) දැනුම් දුන්හ.
විදුලිය බිල සම්බන්ධයෙන් සාකච්ඡා කර පැහැදිලි තීරණයකට එන්නැයි ජාතික සභාව විදුලිය බල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඊයේ (13) දැනුම් දුන්නේය.
දෙපාර්ශවය අතර විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණේ ඒ අනුවය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ විදුලිබිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය හෙට (15) ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන කංචන විජේසේකර, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන්වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක සහ සාගර කාරියවසම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලිබිල ගැන සාකච්ඡා කඩා වැටේ
පැරකුම් Tuesday, 14 February 2023 02:09 PM
මොනවද ඔය තරම් සාකච්ඡා කරන්නෙ. පොදුවෙි හැමෝටම 5% කින් විදුලි ගාස්තුව වැඩි කරන්න. කිසි කෙනෙක් විරුද්ධ වෙන්නෙ නෑ. ආදායම ඕනවටත් වැඩිය එනව. ලොක්කන්ට සපෝට් කරල පොඩිඋන්ට එලව එලව ගහන මේ ආණ්ඩුවේ වසල ප්‍රතිපත්තිය වෙනස් වෙන්නෙ නෑ.. ඊලග චන්දෙදි උත්තර දෙන්න අපි ලෑස්තියෙන් ඉන්න බව කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොදයි…!
jayaTuesday, 14 February 2023 04:31 PM
කතා මොකුත් ඕන නෑ. ඔයාලා අපිට යුනිට් එකක් රු 30 දුන්නොත් අපි ගන්නවා. නැත්තන් අපි පැනල් ගහලා හදා ගන්නවා