(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පැවසීය.
සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
අදාල ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබල - ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි
චන්දන Friday, 10 March 2023 08:18 PM
මේ ගිවිසුම්වලින් ඉවත් වුණාට පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. දැන්වත් බිල අඩු කරන්න පුළුවන්...
Lal Friday, 10 March 2023 08:58 PM
ගොඩක් හොඳ ප්‍රවණතාවයක්...
Prase Saturday, 11 March 2023 03:39 AM
හොඳ වැඩක්... ටික ටික ගේම දෙන්න.. හොරු ටික ගෙදර යවන්න.
යෝගා Saturday, 11 March 2023 05:30 AM
ඒක හරි. සාමූහික ගිවිසුම් තියෙන කල් ඔය ආයතන ගන්න ආයෝජකයින් එන්නේ නෑ...
de silva Saturday, 11 March 2023 01:34 PM
වසර 3කට වරක් 25% ක වැටුප් වැඩිවීමක්... ලෝකප්‍රකට සමාගම් වල ගූගල්, ඇපල් හෝ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම්වල වත් දන්නේ නැහැ. මේවා පාඩුලබන එක ගැන අහන්න දෙයක් නැහැ.
Lalla Saturday, 11 March 2023 10:46 PM
වෘත්තීය සමිතිවලට යටවූ රාජ්‍ය ව්‍යවසාය. මේකට එකම විසඳුම පෞද්ගලික අංශයට පරිපාලනය භාරදීම හෝ විකිණීම හෝ කොටස්-වෙළඳපල හරහා විකිණීම. හොරු ගෙදර යවන්න වෙන විදියක් නෑ. ඉස්සර දුරකථන සේවය රජයට තිබෙන කාලේ තත්ත්වය මතකද? ඒත් අද.... සමාගම් පාරිභෝගිකයා පස්සෙන් එනවා සේවාව දෙන්න.. සිපෙට්කෝ සහ ලංවිම නම් විකුනන්නම ඕන.