(විමුක්ති එස් රුද්‍රිගු)
චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන හරීන් ද සිල්වා මහතාට ද ආරාධනා ලැබී තිබේ.
කොවිඩ් වසංගතය කාලයේදී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත.
එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමන ලදි.
තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවත් වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පැවසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෛද්‍ය හරින් ද සිල්වා රාජාභිෂේක උත්සවයට
කෝපාලසුන්දරම් Saturday, 06 May 2023 10:32 AM
අපිට හරිම ආඩම්බරයි අනේ. හොඳට නැමිලා රජුට වඳින්න.
Sampath Saturday, 06 May 2023 02:33 PM
අනේ මන්දා ... මේවා ඔය තරම් ලොකු දේවල්ද?
කිරිපුතා Saturday, 06 May 2023 03:36 PM
රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තම සුඛවිහරණය උදෙසා වෙනත් රටකට ගොස් තම මව්බිමේ අහිංසක ජනයාගේ බදු මුදලින් ලබාගත් දැනුමෙන් තවත් රටකට සේවය කරන ගමන්, ඔවුන්ගේ රජවරුන්ට උත්තමාචාරය දක්වන තැන ටයි එකකුත් එල්ලාගෙන ඉන්න එක මහා ලොකුදෙයක් වෙන්න ඇති ඇතැමුන්ට..
prasanna Saturday, 06 May 2023 06:16 PM
කුහක කමෙන්ට්ස් දාන්නේ ජවිපය බව ලොවම දනී...
Nihal Saturday, 06 May 2023 10:32 PM
වෙල්ලස්සත් රටේත් නිරායුධ අහිංසක අපේ ජනතාව ඝාතනයකර රටම ලෙයින් තෙත් කළ, ජාතික වීරවරයින්ගේ භික්ෂූන් වහන්සේලාට බෙලිකපා වෙඩිතියා ඝාතනය කළ මොවුන්ගේ උත්සව වලට නොයන්න, පසුගිය වසරේ වරණ භේදය නිසාම ලන්ඩන්වල දරුවන්ට 26ක් පිහියෙන් ඇන ඝාතනය කිරීම මොන තරම් සාහසිකද? ඒ අය අතර අහිංසක ලාංකික දරුවෙකුත් ඉන්නවා...
අහිංසක Sunday, 07 May 2023 07:50 AM
කෝවිඩ් කාලයේ නම් ලංකාවේ දොස්තර මහත්වරු ජනතාවට දෙයියෝ වගේ හිටියා. ඒත් මේ දිනවල දක්නට නැතත් සමහර අවස්ථාවල සමහර අය යමපල්ලන් වගේ වීම තමයි ඉවසන්න අමාරු... ඒ නිසා ලංකාවේ ඉතාමත් කැපවීමෙන් වැඩකරන මානුෂික ගුණධර්ම සහිත දොස්තර මහත්ම මහත්මීන් සඳහා ජනතා මතය අනුව උපහාර දීමට කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි...