(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන වර්ෂයේ මාර්තු 1 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.
එසේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ප්‍රතිඋත්තර අදාළ පෙත්සම් ගොනුවෙහි නොමැති වීම හේතුවෙනි.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි. එහිදී පෙත්සම් මෙදිනට කල් තැබිණි.
වඳ සැත්කම් සිදු කළ යැයි අභූත චෝදනා එල්ල කිරීමත් නීතීවිරෝධී යැයිද පෙත්සම්කාර වෛද්‍ය මොහොමඞ් සාෆි මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් කියා සිටී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප ලාල් , කුරුණෑගල පොලිස් ස්ථානාධිපති , කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර , ආරක්ෂක ලේකම් සහ නීතීපති නම් කරනු ලැබ සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෛද්‍ය සාෆිගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාර්තුවට කල් යයි
සමීර Tuesday, 13 October 2020 10:55 AM
සාෆිලාව ඕන වෙන්නේ ඡන්දයක් කාලෙදී විතරයි.