
(යොහාන් භාසුර)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසක බාහිර රෝගී අංශ සහ සායන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශ සහ සායන කටයුතු ඇනහිට ඇති ආකාරය දැකගත හැකි විය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


දික්ඔය මූලික රෝහල


අනුරාධපුර මහ රෝහල
(ඡායාරූප: බී. ජී. චතුරංග)



COMMENTS
දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ යළිත් සේවයට වාර්තා කරන නිකන් මිනිස්සු රස්තියාදු කරන්නේ නැතුව
මීගමුව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙක් 2007දී ඇඟළුම් සේවිකාවක් දූෂණය කර 06 වැනි මහලෙන් බීමට දමා මරා දැමූ අවස්ථාවෙ නම් වෛද්‍යවරු වර්ජනය කළේ නෑ. මෙම දූෂකයාට අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන්නා. මෙය මතක් කළේ තමන්ගේ කෙනෙකුට මෙවැනි අපරාධයක් සිදුවන විට පමණක් මිනිසුන්ගේ ඇස් විවර වීම නිසාවෙනි. රටේ සියලු කාන්තාවන්ට තමන්ට හිමි ගෞරවය සහ ආරක්ෂාව හිමිවිය යුතුයි. වෛද්‍ය වර්ජනය අසාධාරණයි. අසරණ මිනිසුන් අපහසුතාවයට පත් වන නිසා මෙය මතක් කළෙමි.
මුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප්-දීමනා ගෙවන හින්දනේ මේ ඔක්කොම ගොං පාට්. රටක වැරද්දක් හෝ නීති විරෝධී දෙයක් වුණහම, නිරාකරණය කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නේද? හැම එකටම වැඩ වර්ජන මුන්ට විතරද? එතකොට මුන්ගේ නොසැළකිලිවලින් එකතැන්වෙන සහ එළොව යන රෝගීන් ගැන මුන් මොනවද කියන්නෙ?
මම මෙය ලියන්නේ එංගලන්තයේ සිට මේ වගේ දොස්තරලා සත්තුන්ටත් වඩා අන්තයි...
කොන්දක් ඇති රජයක් වශයෙන් මේ මේ ජිඑම්ඕ තහනම් කරන්න.. මොවුන් ජනතාවගේ ජිවිත අනතුරේ හෙළනවා
විවාදයක් නැහැ. අපයෝජකයාට දැඩි දඬුවම් දෙන්න ඕනේ. නමුත්, මේ අපරාධය සිදුවුණු වහාම සියලුම වෛද්‍යවරු වැඩ වර්ජනයකට යොමුවීම අනුමත කරන්න බැහැ. මේකෙන් අනතුරේ වැටෙන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත බව ඔවුන් සිතන්නේ නැහැ. රෝගීන්ද මනුෂ්‍යයෝය. පොලීසිය සිතාමතාම අපරාධකාරයා අල්ලන්නේ නැතුව සතියක් දෙකක් ගත කළා නම් වර්ජනය කළත් කමක් නැහැ. උගත් වෛද්‍යවරුන්ගේ මෙවැනි බොළඳ හැසිරීම් ගැන කණගාටු වෙනවා. ලෝකයේ දියුණු රටක මෙවැනි දෙයක් සිදුවුණා නම් වෛද්‍යවරු ලොකු අමාරුවක වැටෙනවා. විශාල වන්දියක් ගෙවන්න වෙනවා. හදිසියේ ලෙඩෙක් මරුණා නම් මරණයට වග කියන්නත් වෙනවා. මේ ක්‍රියාකලාපය හිපොක්‍රටීස් දිවුරුමට මෙන්ම රටේ නීතියටද පටහැනි වෙනවා.
වෛද්‍යවරියක් නොවෙයි... මොනම කාන්තාවක් අතවරයකට පත් වුණත් ඒකට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑනේ. දැන් ඒ අපරාධකරු අල්ලලා ඉවරයි. ඇයි මෙයාලා වැඩ වරන්නේ? කරන්නේ උතුම් සේවයක් තමයි. නමුත් අනිත් සියලු සේවයින්ගෙන් වෙනස් වුණු අමුතුම දෙයක් නෙවෙයිනේ. ආම වාතයක් ගියත් වැඩ වරන්නේ රටේ සල්ලි වලින් පඩිත් ගන්නේ...
පාහර දොස්තරලා, ඔය දූෂණ සිද්ධිය කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ. එවැනි අහඹු දූෂණ මොන ආරක්ෂාව තිබුණත් රටේ නෙමෙයි, ලෝකේ ඕනෑම තැනක වෙන්න පුළුවන්. සමාජයේ ඉන්න මානසික ලෙඩ්ඩු කරන වැඩවලට රටේ ඉන්න මුළු මහත් අසරණ රෝගීන් පළිද? අනුරාධපුරයේ අදාළ රෝහලේ විතරක් හරි දිස්ත්‍රික්කයේ පමණක් හරි ඔය වැඩ වර්ජන කළාම මදිද? මොවුන් අතින් අසරණ රෝගීන් කී දාහක් මැරිලා යට ගහලා ඇත්ද? මේ දොස්තර මාෆියාව කෙසේ හෝ පරාජය කළ යුතුමයි.!
පළමුව හිංසනයට ලක්වුණු අහිංසක දොස්තර නෝනාට අපගේ අවංක කණගාටුව..., මේ පාපතර ක්‍රියාව කළ නරුමයාට දඬුවම් අනිවාර්යයි. නමුත් GMOA එකේ වර්ජන ත්‍රස්තවාදය මුළු රටටම වින්නැහියක්... අසරණ රෝගීන්ගේ රීරී මාංශ උරාබොන GMOA එකට අපගේ පිළිකුල...
වරප්‍රසාද, දීමනා ගැන මහ ලොකුවට කතාකරන දොස්තරලා, අසරණ රෝගීන්ට සිදුවෙන අපහසුව, ගැන වගේ වගක් නැහැ. රෝගින්ව තව තවත් අසරණ කිරීමෙන් කරන්නේ පවක් නොවේද?
ලංකාවේ කාටහරි කරදරයක් වෙනකල් බලන් ඉන්නේ නිවාඩු දාන්න. නැතිනම් වර්ජනය කරලා ගෙදරට වෙලා ඉන්න. නැතිනම් පාටි දාන්න. නීතිය මදි නම් අලුතින් ගේන්න අත්‍යාවශ්‍ය සේවා වර්ජනය කරන්න බෑ...!