IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්

(උපාලි ආනන්ද සහ බී.ජී. චතුරංග)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු යුද හමුදා සෙබළා මේ මස 17 වන දින දක්වා රක්ෂිත  බන්ධනාගාරයට පත්කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද (14 ) නියෝග කළේය. 

එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තව දුරටත් නියෝග කරනු ලැබීය. 

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කෙරිණ.

මෙසෙ රිමාන්ඞ් භාරයට පත් කළේ ගල්නෑව  නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක  නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකි. 

මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල සැකකරුගේ වැඩි මහල් සොහොයුරියද මේ මස 17වනදා දක්වා රිමාන්ඩ්  භාරයට පත් කර සිටින්නීය. 

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම්  ජයවීර මහතාගේ උපදෙස් මත, ළමා හා  කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක  ඒ.සී දයානන්ද සහ සැරන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියේය. 

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.



අදහස් (2)

වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්

Lalla Friday, 14 March 2025 09:35 PM

ඔය වරදට දඬුවම බෙලහීන කිරීම පමණයි නේද? දෙක තුනකට දෙන කොට දූෂණය නතර වෙන විදිය පෙනෙයි..

:       1       14

rs Saturday, 15 March 2025 08:21 AM

මරණ දඬුවම ගෙනැල්ලා ප්‍රසිද්ධියේ එල්ලා මරන්න. එතකොට ඕවා නවතියි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site