IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරයාට තර්ජනය කළැයි ප්‍රතිකාර නවති

 ( රොමේෂ් මධුෂංඛ)

යාපනය පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික ප්‍රතිකාර කටයුතු නවතා දැමීමට අද (25) දින සිට පියවර ගෙන ඇත.

පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවට ආසන්නයේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා කිසියම් පිරිස් විසින් ගීතගායනා කිරීම් ඇතුලු විවිධ ශබ්දයන් නිකුත් කිරීම හේතුවෙන් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය කටයුතුවලට මෙන්ම ප්‍රතිකාර කටයුතු වලට දැඩි බාධාවක් එල්ල විය.

පසුව එහි වෛද්‍යවරයා විසින් අදාල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඝෝෂාවන් සිදුකරන පුද්ගලයින් හමුවී බාධා නොකරන ලෙසට දැනුම් දීමෙන් අනතුරුව කිසියම් පිරිසක් පසුගියදා මධ්‍යම බෙහෙත් ශාලාවට ඇතුලු වී කලහකාරී ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාටද ජීවිත තර්ජනය කොට ඇත.

අනතුරුව මධ්‍යම බෙහෙත් ශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුලු වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වී ඒ පිළිබඳව අච්චුවේලි පොලීසියටද දැනුම් දී අදාල ගැටලුව විසඳන තෙක් නැවත මධ්‍යම බෙහෙත් ශාලාවේ සේවා කටයුතු සිදුනොකරන බවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් උතුරු පලාත් වෛද්‍යවරුන්ගේ සංගමය විසින් බලධාරීන්ටද දැනුවත් කොට ඇති බවටත් කඩිනම් විසඳුමක් ලබාදීමට පියවර ගෙන ඇතැයිද උතුරු පලාත් වෛද්‍යවරුන්ගේ සංගමය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (1)

වෛද්‍යවරයාට තර්ජනය කළැයි ප්‍රතිකාර නවති

chandima Wednesday, 26 April 2023 10:16 PM

එක මකුනයි ලමයො කන්නෙ. ඇයි ඔක්කොම මකුනො මරන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site