
( ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , එක් පුද්ගලයෙකු ද සමඟ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි .
ඔහුගේ ගමන් මලු කීපයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
එම ගමන් මලු " මග හැරුණු ගුවන් ගමන් මලු '' ගබඩාවේ තැන්පත් කර තිබූ අතර , ගුවන් තොටුපොළෙන් සිදු කළ දැනුම් දීම මත , ඔහු එම ගමන් මලු රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබේ .
මෙම ගමන් මලු ගුවන් තොටුපොළෙන් නිදහස් කර ගත් මෙම පුද්ගලයා ඒවා රැගෙන ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙම ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ සගවා ගෙන තිබූ විද්‍යුත් දුම්වැටි 245 ක් සොයා ගෙන , අත් අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යුත් දුම්වැටි ගුවන් තොටේ හිරවෙයි
Prabha Wednesday, 31 July 2024 12:22 PM
මේවා දුම් පානයෙන් මිදීම සඳහා පාවිච්චි කරන්නේ .ලංකාවේ මෝස්තරයට පාවිච්චි කරන්නේ