IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


විද්‍යුත් දුම්වැටි උවඳුරක් ලෙස ව්‍යාප්ත වෙලා

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ , ජා - ඇළ  විශේෂ සුරාබදු  වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව , අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා  විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදීය .

මේ වනවිට කොළඹ , ගම්පහ , පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .

එහෙත් මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසැලට , පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර තිබේ .‍ෙ

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට ( Online ) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු , පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා ( Power Bank ) , සුවද විළවුන් බෝතල් යන ආකාර වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී ඇති අතර , මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ , සුවද විළවුන් බෝතල් අසළ තැබීමට වග බලා ගෙන තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බව ද , සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය .

 

 



අදහස් (5)

විද්‍යුත් දුම්වැටි උවඳුරක් ලෙස ව්‍යාප්ත වෙලා

T.A.Amin Monday, 11 March 2024 01:30 PM

මෙයට මූලික කාරණාව රේගුවයි...!

:       0       0

Sellakkara Kolla Monday, 11 March 2024 02:37 PM

බොන එකා කොහොමහරි බොනවා. සිගරට් ගිනි ගණන් හින්දා මේවා හරි බොනවා. පිළිකා හැදෙනවා කියලා සිගරට්වල ගාන වැඩිකරනවා නම් වෙන රටවල් වලත් එහෙම කරනවානේ.. ෙමොවුන් මේ බොරදියේ මාළු බානවා. මිනිස්සුන්ගේ ඔලු හදන්න වැඩපිළිවෙලක් හදපල්ලා... ඊට පස්සේ සිගරට් නිකන් දුන්නත් බොන එකක් නෑ...!

:       0       8

Prabha Monday, 11 March 2024 03:12 PM

ඕක පාවිච්චි කරන්නේ දුම්බීම අත්හැරීමේ පියවරක් ලෙසයි.

:       2       1

Nihal Monday, 11 March 2024 03:27 PM

පිටරටින් ඕනෑම ජාරාවක් වැළඳ ගන්න මන්ද බුද්ධිකයින්...!

:       0       2

Bamunuarachchi Tuesday, 12 March 2024 10:11 PM

මේවා රටට එන්නේ රේගුව හරහා නොවෙයිද? එන්නේ රේගුව හරහා නම් රේගුව වගකිවයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රැඳවියා ටියුබ් ලයිටයක් ගිලලා
2024 අප්‍රේල් මස 29 0 0

පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා


අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේදී අල්ලයි
2024 අප්‍රේල් මස 29 222 0

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ


ශ්‍රම බලකායත් අඩුවෙයි
2024 අප්‍රේල් මස 29 595 0

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
2024 අප්‍රේල් මස 29 370 0

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.


මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට
2024 අප්‍රේල් මස 29 817 1

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් ප


බොහෝ පළාත්වලට තද වැසි
2024 අප්‍රේල් මස 29 363 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site