(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියෑඹූ නිසා යැයිද වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැලම වැද්දාගේ දැලට හසුවන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය.
ශ්‍රී ලංකාව පැටලී සිටින ආර්ථික අර්බුද දැලෙන් මිදෙන්නට නම් සියලු දෙනා එක්වී අභියෝගය ජය ගත යුතු බව කී අග්‍රාමාත්‍යවරයා අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන් මිස රට විනාශ කිරීම වෙනුවෙන් නොවන බවද පැවසීය.
ආණ්ඩුවේ ඉදිරි මාර්ග සිතියම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැද්දාට බනිමින් සිටියා නම් වටුවන් තාම දැලේ
sisira Wednesday, 22 June 2022 03:42 PM
අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස දෙදෙනාම කතාවට සුදුසු උවත් වගකීම්වලින් පායන්නාවූ දෙදෙනෙකු බව මුළු රටම දනී.
chandimaWednesday, 22 June 2022 09:26 PM
ගාණ දීලා පුම්බලා තිබ්බට මේ රනිල් වුණත් ඒ ගොඩේ කියලා ඔප්පු වුණා නේද?
ganegoda Wednesday, 22 June 2022 03:43 PM
සුද්දෙක්වගේ ඇද පැලදගෙන ටයි එකකුත් දාගෙනද ඔය වැඩ්ඩෙක්වගේ වැද්දොයි වටුවොයි ගැන කියවන්නෙ ? උරුවරිගෙ රනිල් වික්‍රමසිංහ ?
chandima Wednesday, 22 June 2022 03:51 PM
එදා යුද්ධයට මදිවෙලා ඉද්දිත් වැදි ගති අත්හැරලා වටුවන් වගේ උන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. කෙළවුණාට පස්සේ තමයි ජාතක කතා මතක් වෙන්නේ...
ජනිත් Wednesday, 22 June 2022 05:01 PM
මිනිස්සුන්ගේ රීරිමාංස කන්නේ නැතිව යන්න..
Ananda Wednesday, 22 June 2022 07:05 PM
විශිෂ්ඨයි සර්...
Sharge Thursday, 23 June 2022 04:45 PM
කවුද වටු වැද්දා? ජනාධිපති තුමාට රෙස්පෙක්ට් කරන්න.. වටු වැද්දගේ දඩයම රට වැසියාද?