(දිලීප් ජයසේකර)
පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිද වන නෙත්මි හරින්දි නැමති දෙදෙනාය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රවිදු වෙදආරච්චි හා ඔහුගේ බිරිද පසුගිය දින ඔවුන්ට අයත් කැබ් රථයක පිටුපස ආවරණය නොකරන ලද කොටසේ අනාරක්ෂිත ලෙස ශීතකරණයක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විමට උත්සාහ කිරීමේදි එහි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් සැකකරු හා සැකකාරිය එහි රාජකාරියේ යෙදිසිටි පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදි රාජකාරියට බාධා කරමින් සාපරාධී බළහත්කාරය පා ඇතැයි අධිකරණයේදී කියැවිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වෙදආරච්චිගේ පුතා - ලේලිය රිමාන්ඩ්
Lalith M Wednesday, 08 June 2022 06:44 AM
ලේලි වෙනම මැදිරියක රඳවන්න වෙනව නේද. නැතිනම් ඕකේ ඉන්න අනිත් රැඳවියන් එයාගේ භාෂාව ඉගෙන ගෙන ගම්පලාත් ගඳ ගස්සන්න පටන්ගනියි.
අමු මාලු පුතා Wednesday, 08 June 2022 11:15 AM
ලේලිව වැලිකඩ රන්ජන් ඉන්න වාට්ටුවට දාන්න... එතකොට හැකර කට වැහෙයි.
Bamunuarachchi Wednesday, 08 June 2022 11:42 AM
මුහුණ දැක්කාම හෝම්බට අනින්න හිතෙන්නේ මට විතරද?