IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වතු පාසල් වලට සුහුරු පන්ති කාමර හැටක්

(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි තෝරා ගත් වතු ආශ්‍රිත පාසල් වල උසස් පෙළ පන්ති සඳහා සුහුරු පන්ති කාමර 60ක් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා 2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගෙන, එම සීමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. 

ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම සංශෝධනය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පියවර ගනු ලබන බවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.



අදහස් (0)

වතු පාසල් වලට සුහුරු පන්ති කාමර හැටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site