
(යොහාන් භාසුර)
ආණ්ඩුව අනුමත කළ වතු කම්කරුවන්ගේ රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරී සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) පැවැත්වූහ.
එහිදී වතු කම්කරුවන් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට කළ උත්සහයේදී කම්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඉන් පසුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවීමට ද පියවර ගත්තේය.
එම විරෝධතාකරුවෝ පසුව කොළඹ 7, පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධය දැක්වූහ. ඔවුහු ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ඡායයාරූප සහ විරෝධතා පුවරු පිලිස්සූහ. වතු කම්කරුවෝ පසුව සාමකාමීව විසිර ගියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු කම්කරුවෝ 1700 ඉල්ලා කොළඹ විරෝධයේ
විජිත් Tuesday, 09 July 2024 04:44 PM
අසරණ මිනිස්සුන්ව මුලාකරලා චන්දෙ ගන්න රනිල් කියන මහලු නරියා වමාරපු බොරු එකින් එක දැන් හෙළිවෙමින් පවතිනවා..රනිල් නාකි නරියා , කපුටු බැසිල් ,නාකි මයිනා,රතුපස්වල මිනීමරු ධම්මික පෙරේරා ...මුන් ඔක්කොම හොඳ යහළුවෝ. හැබැයි දවසක කොට්ටෝරුවටත් වැරදිලා කෙසෙල් ගහට කොටලා " හොට" පටලවා ගන්නවාලු. දැන් කටිටියගේම හොටවල් පැටලිලා. පැටලිලා විතරක් නොවෙයි ...පෝලිමට හිරේ යන දවසත් වැඩි ඈතක නොවෙයි. මාලිමාවට ජයවේවා !!!
අරවින්ද මොනරවිල Tuesday, 09 July 2024 06:13 PM
ඕවට කියන්නේ ඇදගෙන නාගන්නවා කියලා, වතු සේවකයින් රවට්ටන්න දැම්ම ඇම සුත්තර පූංචාටම පාරා වළල්ලක් වෙලා !
Prabha Tuesday, 09 July 2024 07:12 PM
රනිල් නම් හනුමා විසින් චන්දෙ බලන් අවුලන ගිනි
Achini Tuesday, 09 July 2024 08:02 PM
මෙය රනිල්ගේ බලපෑම මත සෙන්දිල් තොණ්ඩමන් විසින් සිදු කරන ලද්දකි. ගොඩක් වතු සමාගම් තියෙනවා ධම්මික පෙරේරා විතරක් ඉලක්ක කරන්න ගියේ ඇයි? ඒ ධම්මික පෙරේරා ජනාධිපති තරගයට සුදුසු නැති බව පෙන්වීමටයි. කොහොමද රනිල්ගේ සැලැස්ම
Dharshi Tuesday, 09 July 2024 08:03 PM
ධම්මික ජනාධිපති ධූරයට සුදුසු නැති බව පෙන්වීමට රනිල් වික්‍රමසිංහගේ බලපෑම මත මඩ ගැසීමක් සිදු කරන ලදී
Shaf Tuesday, 09 July 2024 08:06 PM
ඇයි ධම්මිකව විතරක් ඉලක්ක කරන්නේ? වතු හිමියන් ඕනෑ තරම් ඉන්නවා. ධම්මික පෙරේරාගේ කීර්තිනාමය කඩාකප්පල් කිරීමට මෙය සෙන්දිල් තොණ්ඩමන් විසින් කරනු ඇත
Khalid Tuesday, 09 July 2024 08:08 PM
මෙය ධම්මිකගේ කීර්තිනාමය කඩාකප්පල් කිරීමට එජාපයේ බලපෑම මත සිදුවන්නක් බව නිසැකය
saman Wednesday, 10 July 2024 07:51 AM
ධම්මිකගේ සම්බන්ධය මොකක්ද? එයාට වතු සමාගම් ගොඩක් තියෙනවද?
Kamal Koyrala Wednesday, 10 July 2024 11:46 AM
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට නොවෙයි ජනාධිපති තුමාගේ නිවස ඉදිරිපිට කරන්න ඕන. එයා තමයි නුවරඑලියේ ගහින් පොරොන්දු උනේ