(ආර්.එෆ්.එම්.සුහෙල් )
නුවරඑළිය මහ නගර සභාවේ පාලන බල ප්‍රදේශයට අයත් ලවර්ස්ලීප් විනායකපුරම් හා නවගංගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පසුගිය දින 21ක් පුරාවට බීමට , වැසිකිලි භාවිතය ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතාවන් වලට ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව එදිනෙදා ජීවන කටයුතු සාමාන්‍ය පරිදී ගෙන යාමට දැඩි ලෙස අපහසුතාවයට පත්වීමක් දක්නට ලැබේ ,
පාසල් යන සිසුන් තම පාසල් නිල ඇඳුම් පවා සේදීමට ජලය නොමැතිව පාසල් නොයා නිවස් වලට ජලය එක්රැස් කිරීම වෙනුවෙන් දෙමාපියන් සමග කටයුතු කරන බවද ප්‍රදේශවාසීහු පවසති ,
මෙම තත්ත්වය නුවරඑළිය මහ නගර සභාවට අයත් ප්‍රදේශ රැසකම්ස් දක්නට ලැබෙනු ඇතැයිද ප්‍රදේශවාසීහු චෝදනා කරති ,
අඛණ්ඩව නුවරඑළිය ප්‍රදේශයෙ පවතින දැඩි උෂ්ණාධික කාලගුණික සත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති , සිය නිවස්වල ආහාර අනුභව කළ භාජන දින ගණනාවකින් සෝදා ගැනීමට නොහැකිව කාන්තාවන් පීඩා විඳින බවද ඔහු වූ බැසිවිලි නගති ,
මෙම ගැටලුව සම්භන්දයෙන් අවස්ථා කිහිපයකදීම නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස් තුමිය දැනුවත් කළද ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියති.
ප්‍රදේශවාසීන් නගන චෝදනා පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න මහත්මියකින් කළ විමසුමකට කියා සිටියේ අධික අව් රශ්මියක් සහිත දේශගුණික තත්ත්වයක් පවතින බැවින් මෙම ගැටලුව නුවරඑළිය නාගරික බල ප්‍රදේශයට තදින්ම බලපා ඇති අතර නුවරඑළිය මහ නගර සභාව වශයෙන් මහජනතාවට අවශ්‍ය ජලය සැපයීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බවයි
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වතුර නැතිව නුවරඑළියේ ජනයා පීඩාවට
sena Tuesday, 07 May 2024 10:15 AM
නුවරඑළිය ප්‍රදේශයේ නියෝජනය කරන දේශපාලකයන් සිටින්නේ කොළඹ නගරයේ නිසා ඔවුන් මේගැන දන්නේ නැත
Sashi Tuesday, 07 May 2024 10:26 AM
නීතියක් නැති රටක කැළෑ පාලුවන්ට ඕන විදියට රක්ෂිත කඳු මුදුන් වල ඇති ගස් කොළන් විනාශ කරලා රත්තරන් හෝටල් හදලා රට විනාශ කරලා ප්‍රතිඵල ඕවා...