IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


වත්කම් බාර නොගන්නා ලොක්කන්ට අල්ලසෙන් රතු එළියක්

 (සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි මස 30 වැනිදායින් පසු බාර නොගන්නා ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම ප්‍රධානීන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් නීතියට අනුව කටයුතු කෙරෙනු අැත

මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තමා ආයතන ප්‍රධානීන්ට බාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගන්නා ලෙස එම කොමිසම දැනුම්දෙයි

ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 30 වැනිදා සිට අගෝස්තු 31 දක්වා පනතේ ප්‍රකාරව ෙෙදනිකව දඩ මුදලක් අය කෙරේ. එය එක් දිනක් වෙනුවෙන් මාසික වැටුපෙන් තිහෙන් එකකි.

වත්කම් බාර දිය යුතු නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදීම සඳහා සිය ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතු අවසාන දිනය වූයේ ජුනි මස 30 වැනිදාය.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියාට මෙම මස 31 වැනිදා වනවිටත් බාරදීමට අපොහොසත් වන නිලධාරීන්ට 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ90 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම පවසයි.

 



අදහස් (1)

වත්කම් බාර නොගන්නා ලොක්කන්ට අල්ලසෙන් රතු එළියක්

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 11:15 AM

රාජ්‍ය සේවයේ ඉහළ පුටුවල ඉන්නේ බබාලා නොවෙයිනේ, ඒ නිසා ඕක ඇන ඇන එයාලාට කියන්න ඕනෑ නැහැ. නීතියට අනුව වැඩ කරලා නැත්නම් අදාළ ක්‍රියාමාර්ග ගන්න! එතකොට ඊළඟ අවුරුද්දේ ඉඳලා හරියට වැඩ කරයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site