
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් මෙන්ම ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
හදිසියේ ම මෙසේ ජලය නොමැති නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල සරසවි සිසුන් මෙන්ම ඒ අවට ජනතාව ජලය සොයා මංමාවත් දිගේ මෙන්ම බදුල්ල රබුක්පොත ඔයට, දියඇලි ,ලිං සොයා යන අයුරු දක්නට ලැබිණි .
මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රකාශයෙක් සදහන් කලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ බංඩාරපුර ජල පිරිපහදුවට ජලය ලබා දෙන බදුල්ල කුමාරසිංහ මාවතේ පිහිටි ජල පිරිපහදුවේ යන්ත්‍රයක හදිසි කාර්මික දෝශයක් ඇති වූ බවත් , එය පිළිසකර කිරිමේ කටයුතු සිදු කරන බවය.
එය පිලිසකර කිරිමෙන් අනතුරුව ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවත් , නිශ්චිත වේලාවක් පැවසීය නොහැකි බවද සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
රම්බොඩ Friday, 13 September 2024 10:42 AM
මේ නිලධාරීන්ට තාම හිතන්නේ පරණ විදිහට. මේවාට විද්‍යාත්මක විකල්ප සොයාගත යුතුයි. මම ඉන්නේ පිටරටක. මෙහේ විදුලි ට්රාන්ෆෝමරයක බිඳ වැටීමක් හරි, නඩත්තුවක් හරි ඇති වුණාම එය අවසන්වන තුරු ජංගම ට්රාන්ස්ෆෝමරයකින් විදුලිය දෙනවා. ජනතාවට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නෑ. ඒ වගේ නවීන විකල්ප තිබිය යුතුයි...