(බිඟුන් මේනක ගමගේ)
වෘත්තීය පුහුණු ආයතන ආරම්භ කිරීමට රජයේ ලියාපදිංචිය ලබා ඇති සියලුම පෞද්ගලික ආයතන ගැන විමර්ශන වාර්තාවක් සකස් කරන්නේ යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ආන්දෝලනයට තුඩු දී ඇති බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනය වෘත්තීය පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට අවසර ගෙන පසුව එය උල්ලංඝණය වන සේ කටයුතු කිරීමෙන් මතු වූ තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම විමර්ශනය සිදුකරන්නේ යැයි අමාත්‍ය පරණවිතාන මහතා අවධාරණය කළේය.
එසේ වෘත්තිය පුහුණු ආයතන පිහිටුවීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයෙන් අවසර ගෙන ඇති ආයතන 25 ක් පමණ ඇතැයි කී හෙතෙම ඊට අදාළ විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ද කීවේය.
මෙම සියලුම ආයතන පෞද්ගලික ඒවා යැයි ද ඒවායේ ආයතන ක්‍රියාකාරිත්වය, විෂය, පරිපාලන හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් එහිදී සොයා බැලෙන්නේ යැයි ද අමාත්‍ය පරණවිතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වෘත්තීය පුහුණු ආයතන ගැන විමර්ශනයක්