(ඩයනා උදයංගනී)
වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය යටතේ (online) වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නව ගම්මාන සංවර්ධන අධිකාරිය මගින් බදුල්ල, ඉදල්ගස්හින්නවත්ත කේන්ද්‍ර කර ගනිමින් මෙම සේවාව දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වෛද්‍ය ප්‍රතිකාර සේවා ව්‍යාපෘතිය O - DOCලෙස නම් කර ඇති අතර, ඒ සදහා එක් පවුලකට මසකට රුපියල් 100 ක මුදලක් වැය වේ.
ඉන් පවුලේ සියලු සාමාජිකයින් වෙනුවෙන් වෛද්‍ය හා උපදේශන සේවා ලබා ගත හැකි අතර, මෙහිදී පැය 24 පුරාම වෛද්‍යවරු 150 කට වැඩි පිරිසකගේ සේවාව ලබා ගත හැකි බව ද ඇමතිවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ වතු නිවාස අංශයේ නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුකර ජනතාවට ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සේවාවක්
ravin Wednesday, 17 August 2022 03:32 PM
මේ තරමට මොලේ තිබුණානම්...?
ඉන්දිකා ගුරුගේ. Friday, 19 August 2022 02:04 PM
වතුකර කම්කරු ජනතාවගේ ප්‍රශ්න බොහෝමයි. වර්තමාන වාතාවරණයත් සමගම ඔවුන්ගේ ජීවන රටාවට වැදුණේ මරු පහරක්. දිනක වැටුප කිසිසේත්ම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නැහැ. පවතින අහිතකර තත්ත්වය නිසා වතු හිමියන් තම වතු සඳහා නිවාඩු දුන් විටදී, කම්කරුවන්ට පිට වැඩ සඳහා ඇවිද යාමට සිදුවේ. එහෙත්, පිට වැඩ සොයාගැනීම බෙහෙවින් දුෂ්කර ක්‍රියාවකි. වැඩකරන අය හොඳින් ආහාරපාන ගතයුත්තේ ඔවුන් වැයකරන ශක්ති ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බැවිනි. මේ අනුව කම්කරු ජනතාව හරිහැටි කෑමක් නොමැතිව වැඩෙහි නියැලීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය වෙත කෙරෙනා තර්ජනයකි. රජයක් හැටියට වැඩකරන කම්කරු ජනතාව රැකගැනීම සඳහා කටයුතු කිරීම ඔවුන්ගේ යුතුකම හා වගකීම වන්නේය...