IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වත්කම් හංගන දේශපාලඥයන්ට අල්ලසෙන් වැටක්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම නව ක්‍රියාමාර්ගය මගින් එවැනි කටයුතු වැලකෙනු ඇතැයි ආරංචි මාර්ග කීය.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය තම ආයතන ප්‍රධානියාට මෙම මස 30 වැනිදාට පෙර භාරදිය යුතුවේ.

මේ අතර මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (5)

වත්කම් හංගන දේශපාලඥයන්ට අල්ලසෙන් වැටක්

maalaka Monday, 23 June 2025 07:21 AM

මට තේරෙන්නේ නැත්තේ, මේ නිලධාරීන්ගේ දැනුම ගැන. හොරට එකතු කරන දේපල, බිරිඳ, දරුවන් නමින් ගන්න එක දැන් අවුරුදු 50 - 60 පරණ ක්‍රමයක්. සාමාන්‍ය ජනතාව මේ තරම් දැනුවත් නම්, මේ නිලධාරීන් මේ තරම් නොදැනුවත්ද? ඇත්තටම කලකිරෙනවා , රාජ්‍ය සේවකයින් හා නිලධාරීන් ගැන. මුලින්ම මේ අයව පරීක්ෂා කරන්න. අකාර්යක්ෂම හා දූෂිත අයව පන්නා දමන්න Meaning for understanding:

:       0       9

සෙනෙවිරත්න Monday, 23 June 2025 10:18 AM

පුරවැසියන්ගෙ වගකීම තමයි මේව දන්න දන්න විදියට අදාළ තැන්වලට දැන්වීම. රටත් ,පුරවැසියන් බහුතරයක් දුප්පත්වීමට හේතුව මේක තමයි. තවදුරටත් මොවුන් රකින්න එපා, සාධාරණයට ඉඩ දෙමු. ඉදිරියට වත් මෙසේ නොවන්නට.

:       1       6

අරවින්ද මොණරවිල Monday, 23 June 2025 10:57 AM

ඒ විතරක් නොවෙයි ගෙදර වැඩට ඉන්න සේවක සේවිකාවන්, රියදුරුන් හා පුද්ගලික කාර්යමණ්ඩලයේ සමාජිකයන්ගේ වත්කම්ද හොයා බලන්න ඕනා, එක්තරා ඇමතිවරයෙක් එල්.ටි.ටි. සංවිධානය මගින් ගාතනය කල පසු ඔහුගේ නීති විරෝධී වත්කම් සියල්ලේ හිමි කරුවා උනේ ඔහුගේ ව්‍යපාරය වල ගිණුම් තබන්නා බව ප්‍රකට රහසක් විය. ඔහු අද කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකී.

:       1       6

කසිප්පු ජොනී Monday, 23 June 2025 01:01 PM

බිරින්දෑ නොවන බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ වත්කමුත් ඇතුලත්කරන්න ඕනද?

:       0       7

Gunaya Tuesday, 24 June 2025 06:29 AM

දැන් හැමෝම ඩුබායිවලට සල්ලි අරන් යනවා. අල්ලයි මගේ වලිගය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site