IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ ගන්නේ නැහැ

(අංජුල මහික වීරරත්න)

සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීති රීති වලට අනුව බව ද ජනාධිපතිවරයා කීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.



අදහස් (15)

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ ගන්නේ නැහැ

sena Wednesday, 15 February 2023 07:58 PM

සංස්ථාවක, විශ්ව විද්‍යාලයක හෝ වෙනත් ආයතනයක සේවකයින් වැඩ වර්ජනය කිරීමට පෙර ඔවුන්ගේ ගැටළු සාකජ්ඡා මාර්ගයෙන් එම ආයතන තුළ විසඳාගැනීමට කටයුතු කළ යුතුවේ. එක් අයතනයක් තුළ එක් එක් අංශ වෙනුවෙන්ද වෘත්තිය සමිති කිහිපයක් පවත්වාගෙන යාමද ගැටලුවකි. ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීතිරීති වලට අනුව සිදුවිය යුතුවේ...

:       5       38

මැක්ස් Wednesday, 15 February 2023 08:02 PM

සැබවින්ම රටට ඔබින නායකයා රටට ලැබී ඇත්තේ දැන් බවයි අපට නම් හැඟෙන්නේ... වර්ජන තර්ජන ත්‍රස්තවාදයට ඉඩ දුනහොත් රටට අබ සරණයි...

:       43       47

Surain Wednesday, 15 February 2023 08:02 PM

මම අහලා තියෙනවා මාළුවො නහින්නේ කට නිසා කියලා. නැවත පාඩම් කරනු..

:       25       34

BamunuarachchiThursday, 16 February 2023 05:36 PM

ඔය කිව්වේ අනුරට නේද? පව් අප්පා. ඔව් ඔව් ජේවීපී ලොක්කා ගියෙත් හීන් කෙඳිරියක් එක්කලු...

:       0       0

ganegoda Wednesday, 15 February 2023 08:14 PM

කම්කරුවන් වර්ජනය කරන්නෙ ඔහේව ගෙදර යවන්න මිසක් වෙනත් හේතුවකට නොවේ !

:       5       6

BamunuarachchiThursday, 16 February 2023 05:31 PM

මම මෙයාගේ ෆෑන් කෙනෙක් නොවෙයි. ඒත් අහන්න තිබෙන්නේ මෙයා ගෙදර ගියාම බලයට එන කෙනාට විදුලිබිල, වතුරබිල, පැට්‍රල්, ගෑස් මිල ඇතුළු පාරිභෝගික මිල අඩු කරයිද? අඩුකර රට ගෙනියන්න පුළුවන්ද? එහෙම කරන්න බැරිනම් ණයවෙලා ඡන්ද තියලා වෙන කෙනෙකුට බලය අරන්දීමේ තේරුම මොකක්ද? ඡන්ද වැඩිපුර ගත්තු කෙනාගේ පුරසාරම් අහන්න අපි මොකටද ණය ගෙවන්නේ...?

:       0       0

විජිත් Wednesday, 15 February 2023 08:20 PM

මුගේ කට වැඩියි...!!! හිටපු එකාව එළවලා දමපු අපිට මේ නාකි පින් පො **යා මොකෙක්ද ? මාළුවා නහින්නේ කටනිසාලු , ඒවගේම තමයි මේ පින්ගුත්තරයා නහින්නෙත් උගේ කට නිසයි..හෙට අනිද්දාම මහා පාරේ ...

:       6       6

siribirisThursday, 16 February 2023 05:40 PM

ඔව් ඔව් ජේවීපී ලොක්කා ගියෙත් හීන් කෙඳිරියක් එක්කලු... මොවුන්ගේ හිතේ ජෙප්පන් බලයට එන්නේ ඇලඩින්ගේ පුදුම පහන අරගෙන කියලා. ජෙප්පන් බලයට ඇවිත් රට ගෙනියන්නේ කොහොමද කියලා නිකමටවත් හිතන්න මොලයක් නැහැ. එහෙව් කාලකන්නි තමයි ජෙප්පන් කියන්නේ...!

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 16 February 2023 12:51 AM

මොලය කොලොප්පන් වෙච්ච එවුන් හැසිරෙනේ එහෙමයි!

:       2       4

Prase Thursday, 16 February 2023 04:08 AM

නියම කතාව රනිල් වැඩ්ඩා .ආචාර්යවරු ඕනෑවට වඩා වැඩ දන්නවානම් ගෙදර යවන්න

:       1       2

චන්දන Thursday, 16 February 2023 07:20 AM

අපි නම් දැනටමත් තීරණය අරගෙන ඉවරයි . හෙට අනිද්දා ම ගෝඨා ගියපු මග යන්න සූදානම් වෙන්න .

:       6       5

Sherine chandrasekara Thursday, 16 February 2023 07:33 AM

ඔබ කනගාටු වන්න .විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය වෘර්තිය සමිති මට්ටම ට වැටිලා කියා මන් කනගාටු වෙනවා .ඔබට වෘර්තිය සමිති මට්ටම වත් නැහැ කියා .ඔබට විනයක් තියේ නම් නිකන්ම නිකන් පුටුවට ආපු එක දීලා යා යුතුයි රනිල්

:       4       3

Sunil Thursday, 16 February 2023 09:01 AM

නමුත් ජනතව නම් තීරණයක් අරන් හමාරයි. චන්ඩය පැවැත්වුවහොත් එය හොදින් දැනනගන්නට ලැබෙයි, අලි කපුටො තවම චන්ද ව්‍යපාර අරම්භ නොකිරීමෙන් ගම්‍ය වන්නෙ හුලං හමන්නෙ කුමන දිශවටද කියයි.

:       5       3

ABENAYAKA Thursday, 16 February 2023 12:39 PM

හොරු ඔක්කොම එළවලා මේ රට සුද්දට භාරදෙන්න ඕනේ .නැත්නම් රට කවදාවත් හදන්න බැහැ .අපි හැමදාම එකතැන තමා

:       2       1

BamunuarachchiThursday, 16 February 2023 05:33 PM

සුද්දා සල්ලි එක්ක දුන්නත් මේ රට ආපහු නම් ගන්නේ නැහැ. එක ෂුවර්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site