IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වැඩි වැටුප් ඉල්ලා කුරුණෑගල විරෝධයක්

(අජන්ත රත්නායක)

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද දහවල් කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත විය.

මෙම විරෝධතාවය සඳහා කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් එක්වී සිටියහ.

එකඟ වූ වැටුප් ව්‍යුහය ලබාදීම, උසස්වීම් විභාග ක්‍රමය ලබාදීම , කළමනාකරණ සේවයේ රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නැවැත්වීම සහ බඳවාගැනීමේ විවෘත තරග විභාගය පැවැත්වීම යන ඉල්ලීම් උද්ඝෝෂකයො මෙහිදී ඉදිරිපත් කළහ.

වෙළගෙදර ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ විරෝධතා පෙළපාලියකින් විරෝධතාකරුවෝ කුරුණෑගල - දඹුල්ල මාර්ගය ඔස්සේ ඔරලෝසු කණුව වටරවුමට පැමිණියහ. එහිදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු පිරිස කොළඹ - කුරුණෑගල මාර්ගයට පිවිස එහි එක් මංතීරුවක් අවහිර කිරීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බාධා සිදුවිය.



අදහස් (6)

වැඩි වැටුප් ඉල්ලා කුරුණෑගල විරෝධයක්

Bamunuarachchi Wednesday, 23 March 2022 06:13 PM

වැටුප් වැඩි කිරීම්, උසස් වීම් ඒ මොකටද? ඔබලා මොනවා කරනවටද? එකවර 10000 වැටුප් වැඩි කිරීම් දීලා තමයි රටට කෙලවුනේ...

:       9       15

Hafeel Thursday, 24 March 2022 08:23 AM

රටට කෙලවුනේ එකවර රු 10000 වැටුප් වැඩි කිරීම නිසා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් විශාල ලෙස බදු අඩු කළා සහ ඡන්දයට උදව් කළ ගෝලයින්ට හම්බ කරන්න ගන්න සීනි බදු වංචාවෙන් විශාල බදු ආදායම් භාණ්ඩාගාරයට අහිමි වුණා... ආර්ථිකය පිළිබඳ කිසිම දැනුමක් නැතිව බලයට ආවොත් මේක තමයි වෙන්නේ...

:       0       0

BamunuarachchiSaturday, 26 March 2022 08:30 AM

කිරිඅප්පට මෙන්න ආර්ථික දැනුම තිබෙන කෙනෙක්. හලෝ 2009 රටත් බේරාගෙන 2015 වෙනකොට රටේ ආර්ථික වර්ධනය 6.5 ට ගෙනාවේ ආර්ථික දැනුම නැති නිසාද? 2008 ලෝකෙම ආර්ථිකය කඩා වැටුණාම ලංකාවේ ආර්ථිකය කඩා වැටුණාද? ආර්ථික දැනුම තිබෙන කට්ටිය 2015 රට බාරගෙන රටේ ආර්ථික වර්ධනය 1.5ට වැට්ටුව බව දන්නවද? දන්න මගුලක් කතා කරන්න හලෝ... අනික් මිනිස්සුන්ට ප්‍රශ්න එන්නේ බදු වැඩි කළාම මෙයාට ප්‍රශ්නය බදු අඩුකළාම. මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? සිනී වංචාව ගැන ඔහේ දන්නේ මොකක්ද?

:       0       0

කිරි පුතා Wednesday, 23 March 2022 06:51 PM

මේ මිනිසුන්ට ඔලුව විකාර වෙලාද? රටේ තියෙන අර්බුදය තෙරුම් ගන්න බැරිද? ඇත්තටම අපේ රටට තියෙන ලොකුම හෙනය තමයි මේ වගේ කළ නොකළ හඳුනාගන්න බැරි සේවකයින්...

:       6       15

සමන්ති Wednesday, 23 March 2022 08:28 PM

ජීවත් වෙන්න අමාරු වුණාම තමයි පාරට බහින්නේ...

:       9       5

BamunuarachchiThursday, 24 March 2022 10:17 AM

පාරට බැහැලා කෑගහලා ගෙදර යන්න. මොවුන් ගත්ත 10000ට ගෙවන්නේ අපි. කොරෝනා කාලේ වැඩ නොකර ගෙදර ඉඳන් සම්පූර්ණ වැටුප ගත්තා. සත 5ක් දෙන්න එපා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site