IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැඩ බැරි දෙපාර්තමේන්තු තුනකට ඉලක්ක දෙයි

(අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතන වලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම ආයතන ආදායම් උපයාගත යුතු ප්‍රමාණය ඇතුළු ඉලක්ක මේ අනුව ලබාදීමට නියමිතය.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉහත ආයතන හරියාකාරව කටයුතු කර නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාල ආයතන රාජ්‍ය ආදායම උත්පාදනයේදී දුර්වලතාවයක් පෙන්නුම් කරන බව රජයේ නිරීක්ෂණයට ද ලක්ව ඇත.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ අතරින් දුර්වලම ආයතනය බවද නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝග අනුව අදාල ආයතන 2024 වසරේ සිට රජය දෙන ඉලක්ක වලට වැඩ කටයුතු කළ යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (9)

වැඩ බැරි දෙපාර්තමේන්තු තුනකට ඉලක්ක දෙයි

Nimal Saturday, 07 October 2023 10:27 AM

IMF කිව්වේ නැතිනම් ඒකත් නෑ...

:       3       25

Perera Saturday, 07 October 2023 01:10 PM

පිට පිට ඡන්ද 35ක් පරාද වුණු, ජනතාව ප්‍රතික්ෂේප කරපු අසාර්ථක පක්ෂ නායක අනුන්ගේ ඇස්වල රොඩු හොයනවා.

:       12       19

Rata Perata Saturday, 07 October 2023 01:42 PM

මේ වගේ අදක්ෂ, දුර්වල, ජනමතයක් නැති කෙනෙක් කියන ඒවා පිළිගනීද කියලා තමයි සැක. මෙය අවුරුදු 40 ගාණක් අපෙන් කාලා බීලා ඉන්නවා. කිසි වැඩක් වුණාද? දැන් මෙයා IMF එකේ හොඳම කීකරු ගෝලයා. IMF එක කියන වැඩ ටික කරගෙන ලෝකය වටේ රවුමක් ගහලා ඉන්නවා.

:       11       18

රටවසියෙක් Saturday, 07 October 2023 02:37 PM

ජනතාව ගේ කිසිම මනාපයක් නැතිව කොහොමද මෙයා ජනාධිපති වෙලා රටක් පාලනය කරන්නේ...? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකටද? මේ රෑට වැටිලා තියෙන තැනින් ගොඩගන්න පුළුවන් දක්ෂයෙකුට අවස්ථාවක් දීලා යන්නෙත් නෑ. ඡන්ද තියන්නෙත් නෑ. පිටරැටියන්ට ඕනේ විදියට මෙයා නටනවා. රටේ අහිංසක මිනිස්සු දහ දුක් විඳිනවා... මෙයාලාට ගාණක්වත් නෑ. ලෝකේ වටේ ඇවිදිනවා... ආයේ මේ වගේ අවස්ථාවක් කොයින්ද කියලා. අයියෝ රටකට ගිය කලක්. මෙතුමාගේ හැකියාව ගැන ආයේ කව්රුවත්, කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි නම් දන්නවා ඇති. එච්චරයි.

:       11       15

විපරමා Saturday, 07 October 2023 03:56 PM

ඔය කියන දෙපාර්තමේන්තු වල වැඩිහරියක් ඉන්නේ හොර දූෂිතයෝ...

:       1       17

Sarasi Saturday, 07 October 2023 06:05 PM

දුම්රියත් ඕකට දාගන්න. මිනිස්සුන්ට හොඳක් වෙයි.

:       0       12

පිනා Saturday, 07 October 2023 08:14 PM

වැඩ බැරි දාස, අනුන්ගේ වැරැදි හොයනවා...

:       1       1

සෞභාග්‍යයෙන් රට පෙරට Sunday, 08 October 2023 08:33 AM

දැන් ඉතින් වෙනදා කුට්ටිය දුන්නු තල්මසුන් හා තෝරු, මෝරු අතහැර කූනිස්සෝ හා හාල්මැස්සෝ අල්ලන්න දැල් වියාවි කියලා හිතෙනවා. මොකද තෝරු, මෝරු අල්ලන්න ටිකක් ඇඟ මහන්සි කරන්න වෙනවා. හාල්මැස්සන් අල්ලන්න දැල දැම්මාම දැල අදින්න මිනිස්සු ඉදිරිපත් වෙන නිසා මහන්සියත් අඩුයි. එතකොට තමන්ගේ මඩියත් තරවෙවී තියෙනවා. ජනාධිපති නියෝගයත් ක්‍රියාත්මක වෙනවා... එහෙම නොවුනොත් ඉර පායන පැත්තේ වෙනසක් වේවි. බලා ඉන්නකෝ ඉදිරියේ වෙන්නේ මොකක්ද කියලා... අපිත් ඉතින් ලංකාවේ මිනිස්සුනේ...

:       0       0

chandima Sunday, 08 October 2023 08:45 AM

ඒ ආයතනවල ලොකු පුටු වලට තමන්ගේ කෙනෙක්ව දාන්න හිතිලා වගේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site