IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාස වල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ.  

ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් මෙම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි.
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් මෙම මුලද ලබාදී ඇත.

මෙම මුදල් යොදාගෙන නිවාස 2265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.



අදහස් (1)

වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක් වෙන් කරයි

කපිල Monday, 08 May 2023 03:35 PM

මිලියන 751 නිවාස 14,000 න් බෙදුවිට එක නිවසකට වෙන් වෙන්නේ රුපියල් 53,643 ක් පමණි. කෙන් ගන්න පුළුවන් වෙන්නේ සිමෙහ්ති කොට්ට 20 ක් පමණි. එතකොට අනික් වියදම් දෙන්නේ කවුද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site