IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙඩි තැබූ ලොරියේ හොර හරක්

(අමිල සම්පත් ශ්‍රී  සහ එම්.කේ .නන්දසේන)

තිස්සමහාරාම ජූලපතාන වැව් පිටියෙන් පැටවු හොර හරක් රැගත්ලොරි රථයක් පසුපස ලුහුබැඳ වෙඩි දහයක් තබා සිරියාගම ප්‍රෙද්ශයේ ලොරි රථය නතර කොට සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්   බව පොලීසිය කියයි.

වෙඩි තබා නතර කළ ලොරියේ එහි සිටි එළ වැස්සියන්,පැටවුන් ඇතුළු 20 දෙනකු පොලිස්බාරයට ගෙන තිබේ.

ලොරිය නවත්වන අවස්ථාවේදී එහි සිටි තවත් සැකකරුවන් දෙදෙනකු පලාගිය බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය.

හිංසාකාරී අයුරින් ගවයින් පටවා තිබී ඇති අතර තදබදය නිසා එක් ගවයකු මියගොස් සිටි බවද  පොලීසිය පැවසීය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් එක් අයෙකු බේරුවල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අනිත් පුද්ගලයා සිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැන ගිය පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.  

නීති විරෝධී අයුරින් හරක් පටවන බවට තිස්සමහාරාම පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය එම සෝදිසි මෙහෙයුම කර තිබිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන්  ප්‍රශ්න  කිරීමේදී රුපියල් ලක්ෂ 10 ක මුදලකට මෙම ගවයින් ලබාගත් බව ප්රලකාශ කොර ඇතැයි පොලීසිය කියයි.

ලොරියට වෙඩි තබන අවස්ථාවේ එක් වෙඩි උණ්ඩයක් ලිස්සා ගොස් බේකරි කෑම ප්‍රවාහනය කරමින් තිබූ තිරෝද රථයක වැදීම නිසා එම රථයේ විදුරුවකට හානි සිදුව ඇතත් කිසිවෙකුටත්  අනතුරක් සිදුවනැති බවද පොලිසිය කියයි. 

 තිස්සමහාරාම පොලිස්ථානාධි ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝහර යසස් කුඩා ගොඩගේ මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුර, කොස්තාපල්වරුන් වන 78087 සමීර, 85274 ධනුෂ්ක, 76271 අමරසේන යන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබිණ.


  ( ඡායාරූප-  අමිල සම්පත් ශ්‍රී)



අදහස් (5)

වෙඩි තැබූ ලොරියේ හොර හරක්

Ruhunu Thursday, 09 February 2023 12:00 PM

ඇයි ඔය එකෙකුටවත් වදින්න වෙඩි තියාගන්න බැරි උනේ

:       3       9

Hafeel Thursday, 09 February 2023 12:41 PM

තියන වැඩි හරියට තිබ්බා නම්, නඩු අහලා කාලය නාස්ති කරන්නත් ඕනෑ නැහැ.

:       0       0

Nazar Thursday, 09 February 2023 12:16 PM

සිංහල මනුස්සයාට කන්න දෙන්නයි ගෙනියන්නේ...!

:       0       0

බකසුමන Thursday, 09 February 2023 12:25 PM

වෙඩි 10ක්‌ තියලාවත් පොලිසියේ මහත්තුරුන්ට ටයර් එකකට තියාගන්න බැරි වුණාද? තව කොහේද දුවන හොරෙකුට වගේ තියන්නේ. අර හරකා මැරිලා ඇත්තේ වෙඩි වැදිලා වෙන්න බැරි නෑ. අනේ අනේ අපේ පොලිසියේ මහත්තුරු...

:       0       0

fairoos Thursday, 09 February 2023 02:19 PM

ලංකාවේ හරක් මරණ එක තහනම් කළා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site