IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙඩි තැබීමකින් ’සන්ෂයින් සුද්දා’ මියයයි

(නිමන්ති රණසිංහ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටවිල ප්‍රදේශයේ දී ඊයෙ (03) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජික අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් 'සන්ෂයින් සුද්දා' නමැත්තා මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි.

මරණකරු මාතර කොටවිල ප්‍රදේශයේදී ඔහුගේ මෝටර් රථය පදවා ගෙන යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු ඊයෙ (03)ක් දහවල් 11.55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි කොටුවිල පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් මරණකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහුගේ අනියම් සම්බන්ධතාවයක් මත හෝ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මෙම වෙඩි තැබීම සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

හෙරොයින් ග්‍රෑම් දහයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කොටුවිල පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව සිටින අතර, මේ වන විටත් එම නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් 'සන්ෂයින් සුද්දා' (30) නමැත්තා මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දකුණේ පාතාලය පාතාලයේ මදූෂ් ලක්ෂිත නොහොත් "මාකඳුරේ මධූෂ්" ගේ ප්‍රධාන ගෝලයකු වශයෙන් සිටිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

මාකඳුරේ මධූෂ් මියයන්නට පෙර ඩුබායි රාජ්‍යයේ සිටියදී පැවැත්වූ ඔහුගේ දියණියගේ සුපිරි උපන්දින සාදයේදී බ(ර්)ඩුබායි පොලිසියට කොටු වූ ශ්‍රී ලාංකිකයින් අතර සන්ෂයින් සුද්දා ද සිටියේය. පසුව එරට පොලීසිය විසින් මොවුන් මෙරටට පිටුවහල් කරනු ලැබීය.

මොහු, ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිට මෙරටට පැමිණ මිරිස්ස ධීවර වරායේ ධීවර බෝට්ටු කිහිපයක හිමිකරුවකු ලෙසින් මෙන්ම හෝටලයක හිමිකරුවෙකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටී සිටි බවද පොලිසිය පවසයි.

අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් 'සන්ෂයින් සුද්දා' යන අයට ඉකුත් 2020 වර්ෂයේ මැයි මස තිස් වෙනිදා ද වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නේ මාතර වැලිගම මිරිස්ස ධීවර වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට දී ය. එම වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට එදින ඔහු සමත් වූයේය. එම අවස්ථාවේදී වෙඩි තැබීමට පැමිණි එක් සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබුනේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා නියෝගය ලබාදී තිබුණේ මේ වන විට ඩුබායි රාජ්‍යයේ වෙසෙන මිදිගම චින්තක නොහොත් නදුන් චින්තක නොහොත් "හරක් කටා" නැමැත්තා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.



අදහස් (13)

වෙඩි තැබීමකින් ’සන්ෂයින් සුද්දා’ මියයයි

කිරි පුතා Saturday, 04 September 2021 10:28 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති

:       0       60

Perera Saturday, 04 September 2021 10:30 AM

වැඩකට නැති කෙනෙක් අඩු වුනා ලංකාවට.

:       0       36

RaveendraSaturday, 04 September 2021 12:44 PM

සහතික ඇත්ත. වැඩකට නැති අය සමාජයෙන් තුරන් වුණා...

:       0       21

DMS Saturday, 04 September 2021 11:36 AM

මේවගේ පින්තර පාවිච්චි කරන්න ඒපා

:       10       24

saaliyaSaturday, 04 September 2021 01:45 PM

අපිනම් කැමතියි ඇත්ත ඇති සැටියෙන් දැනගනන ඒ්කනෙ අපි පත්තර කියවනනෙ

:       27       18

hesaSunday, 05 September 2021 12:23 PM

වරද කරුවන් සමාජයේ පෙන්නුවාට මොකෝ.. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා.. කෝවිඩ් මරණ කොහෙත්ම නොපෙන්නා ඔතලා පින්තූර පමණක් දාන්නේ ඇයි? තම පවුලේ අයගේවත් නොපෙන්වා...

:       0       0

සමන් - ඕමානය Saturday, 04 September 2021 12:00 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. තවත් පාතාල නරුමයෙක් ලෝකයෙන් තුරන් වීමක්.

:       0       20

janahitha UAE Saturday, 04 September 2021 12:56 PM

මොහු අපගේ ගම වන කොටවිල අයෙක් නොවේ... කොටවිල ඉතාමත් සාමකාමී ගමක් වුණු අතර මෑතකදී එහි උසාවි සංකීර්ණයක්, පොලිස් ස්ථානයක් පිහිට වූ නිසා ප්‍රදේශයේ සිදුවන අපරාධවලට ගමේ නමද කියැවෙනවා..

:       4       12

ආනා Saturday, 04 September 2021 06:28 PM

දෙයියෝ සාක්කි, කවුද මෙයාගේ අතේ පිරිත් නූලක් ගැට ගැහුවේ?

:       4       10

abaranSunday, 05 September 2021 07:51 AM

ඒක පිරිත් නූලක් නොවේ...වෙඩි නොවදින යන්තරය නොහොත් හෙන රාජ තෛලය පෙඟවූ නූල් රාජයෙක්...

:       0       0

Bamunuarachchi Sunday, 05 September 2021 12:38 PM

හෙනරාජ තෛලයෙන් වෙන්නේ හෙන නොවදින එකයි... වෙඩි වදිනවා.

:       0       0

Bamunuarachchi Sunday, 05 September 2021 12:40 PM

ලෑන්ඩ්කෘසර් එක හීරිලාද දන්නේ නැහැ... හීරුණා නම් අපරාදේ...

:       0       0

fairoos Sunday, 05 September 2021 01:14 PM

නීතියෙන් දඬුවම් දීලා තිබුණානම් මීටවඩා හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site