IMG-LOGO

වෙඩි තැබිමකින් දෙකක් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත නවය කණුව ප්‍රදේශයේදී අද සවස සිදු වූ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි.

කඩවත 9 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවත් වෙඩි තැබීමට හේතුව පාතාල කල්ලි දෙකක් අතර ආරවුලක් බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය දෙදෙනා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා පැවසීය.

එක් සිරුරක් කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් සිරුර කොළඹ ජාතික රොහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි

වැඩිදුර පරීක්ෂණ කඩවත පොලිස් ස්ථානය විසින් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවයි.



අදහස් (2)

වෙඩි තැබිමකින් දෙකක් මරුට

ජගත් ලියනගේ Friday, 25 March 2022 07:26 AM

බය වෙන්න දෙයක් නැහැ. එක රටක්, එක නීතියක් කට්ටිය කවුද කරේ කියලා හොයා ගනියි. එහෙම නැත්තං පොලිස් ඇමැතිතුමා හොයා ගනීවි...

:       0       3

Bunny Preena Friday, 25 March 2022 08:47 AM

මේ අයගේ මරාගැනීම සිදුවෙලා තියෙන්නේ මහා මාර්ගයේ. හොඳ වෙලාවට පාරේ ගමන්කළ සාමාන්‍ය ජනතාවට කිසිම අනතුරක් සිදුවුණේ නැත්තේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site