IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වඩිවේල් සුරේෂ් පිම්මකට සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ලංකාදීපයට පැවසූයේ විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් හෙට ⁣ආරාධනා ලැබී තිබෙන බවත් එම සාකච්ඡා වලින් පසු තීරණයක් ගන්නා බවත් ය.

ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවේදී වතු ජනතාවගේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වඩිවේල් සුරේෂ් මහතා කීය.

නුවරඑළියේ මැයි දින රැළියකට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා ඊයේ(1)පැවසූයේ "මගේ නායකයා යැයි කියන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවත් සජිත් මීට පෙර දිනෙක පැවති මඩොල්සිම ජන රැලියට නොපැමිණි බවත් ය. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මඩොල්සිම ට පැමිණ වතුකරයේ ජනතාවගෙන් සමාව ඉල්ලුවේ නැතොත් ඔහු සමග කිසිම ගමනකට තමා නැතැයි වඩිවෙල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.

එම මැයි දින රැළියේ දී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපතිවරයා අමතමින් පැවසූයේ ජනාධිපතිවරයා කියූ දේ වතුකරයේ ජනතාව කර ඇති බවත් නමුත් වතුකරයේ පහසුකම් තවමත් දියුණු වී නැති බවත් ය. වතුකරයේ ජනතාවට රුපියල් 3250ක දෛනික වැටුපක් ලබා දෙන ලෙස හාම්පුතුන්ගේ සංගමයට නියෝග කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වඩිවේල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂයකු බවත් පෝලිම් නැති කළ බවත් වඩිවේල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.

 



අදහස් (5)

වඩිවේල් සුරේෂ් පිම්මකට සැරසෙයි

pga21 Wednesday, 03 May 2023 02:34 AM

වඩිවේල්.3250 ක්ම මොකද ? 3000 මදිද ?නියම රවුම් ගානක් ඉල්ලන්න එපැයි ඉල්ලන්නවත් වෙලා

:       0       4

Buddika Wednesday, 03 May 2023 05:58 AM

මුන් මුල ඉඳලම කලේ ජනතාවගේ චන්දෙන් ගත්ත මන්ත්‍රීකම වෙන්දේසි කරන එක .ඒ හැම තැනකම තිබ්බේ ජනතා අරමුණ නෙමෙයි පුද්ගලික ප්‍රතිලාභ .මේ මිනිහා රාජිත ,පවුසි , මේ ඔක්කොම තුට්ටු දෙකේ දේශපාලනයක් කරන්නේ

:       0       4

Bamunuarachchi Wednesday, 03 May 2023 07:07 AM

හැමතැනටම පැන පැන ඉන්නේ දෙමල නඩේත් අරගෙන පනිනවකෝ ඉන්දියාවට.

:       2       1

fairoosWednesday, 03 May 2023 01:15 PM

ඇයි ඔයාට අවුල්ද? ඔයාලා කොහෙන්ද ආවේ...?

:       0       2

BamunuarachchiWednesday, 03 May 2023 09:56 PM

ආබොල සිංහල අපි කොහෙන්වත් ආවේ නැහැ විජයන් කියන කල්ලතොනියා එන කොටත් අපි ලංකාවේ. දෙමල්ලු හම්බයෝ මෙරටට ආවේ ඉන්දියාවෙන් .ලංකාවට ආපු පලවෙනි කල්ලතොනියා තමයි විජයන්. ගම්බිරිස් හොයාගෙන තමයි හම්බසෙට් එක ලංකාවට ආවේ. මාළු අල්ලපු ඉන්දියන් කාරයෝ තමයි උතුරු වෙරල තිරයේ පදිංචි උනේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site