IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී "වඩාත්ම කැමති දුපතට" හිමි රන් සම්මානය දින ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

වාර්ෂිකව පැවැත්වෙන වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේ මෙවර 23 වැනි වරටත් ලන්ඩනයේ ටෙට් මොඩර්න් කලාගාරයදී ඊයේ (06) පැවැත්විණි.

ගියවර "වඩාත්ම කැමති දුපත" කාණ්ඩයේ අටවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම කාණ්ඩයේ රිදී සම්මානය තායිවානය දිනාගත් අතර ලෝකඩ සම්මානය පෝර්ට රිකෝව දිනා ගත්තේය.

එසේම මෙම සම්මාන උළෙලේදී " වඩාත්ම කැමැති රටට" හිමි රන් සම්මානය අවුරුදු හතරක් තුළ තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවට හිමිවිය. " වඩාත්ම කැමැති රටට" හිමි රිදී සහ ලෝකඩ සම්මාන පිළිවෙලින් කැනඩාව සහ ජපානය දිනා ගත්තේය.

ලෝකය පුරා සිටින වොන්ඩර්ලස්ට් පාඨකයන් මෙම සම්මාන උළෙලේ කාණ්ඩ සඳහා ලක්ෂ 30 කට අධික ඡන්ද  සංඛ්‍යාවක් ලබාදී තිබිණි.



අදහස් (5)

’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට

Duminda Udayakumara Thursday, 07 November 2024 04:53 PM

මේ රට හැදෙනවා... දැන් නම් ශුවර්...

:       5       32

Bandara Thursday, 07 November 2024 09:08 PM

මේ සෑහෙන කාලයක් තුළ රටේ ප්‍රතිරූපය ගොඩ නගපු එකේ ප්‍රතිඵල.

:       0       0

chathura Friday, 08 November 2024 05:08 AM

අපේ ජාති හිතෛෂී රනිල් ඡන්දෙන් පස්සේ රට ගියාම ඔය තීරණේ වෙනස් කරයි. බයවෙන්න එපා.

:       0       0

Lakmal Friday, 08 November 2024 08:53 AM

වඩාත් කැමැති දූපතේ හොරුන්ට ආවඩන පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙත් අලගෙඩි වගේ මොලගෙඩි ටික හැදිච්චි දවසක මේ දූපත ලස්සන වෙයි...

:       0       1

Watchdog Friday, 08 November 2024 09:37 AM

රට හැදෙනවාට කැමැති නැති අය අන්න දුමින්ද උදයකුමාර මහත්තයාගේ කොමන්ටුවට ඩිස්ලයික් දාලා. පේනවා නේද? පාලකයෝ විතරක්ම නෙවෙයි වැරැදි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site