IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වැඩකට නැති කම්හල් පහකට කෝටියක් නැති කරලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ලංකා පිඟන් සංස්ථාව  කිසිදු නිෂ්පාදනයක්  නැති  කම්හල් පහක් පවත්වාගෙන යෑමෙන් වාර්ෂිකව රුපියල්  කෝටියකට ආසන්න මුදලක්   නාස්තිවන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර සංස්ථාව සතු කම්හල් භූමි නවයෙන්  හතක  අයිතිය සංස්ථාවට පවරා ගැනීමට නොහැකිවීම හේතුවෙන්  කම්හල් බදුදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති බවද එහි දැක්වෙයි.

නිෂ්පාදන කටයුතු කරන එරගම කම්හල සතු අක්කර දෙසිය තිස් එකක්වූ භූමියෙන්  අක්කර 50 ක පමණ කුඹුරු ඉඩම බාහිර පාර්ශ්වයකට බදුදී  තිබුණද කම්හල් භූමිය හා ගඩොල් කපන භූමි ප්‍රමාණය හැර ඉතිරි වූ ඉඩම් ඵලදායි ආයෝජනයකට යොදා ගෙන නොතිබුණු බව පවසන විගණන  වාර්තාව  කුඹුරු ඉඩම් වලින් අක්කර තුන හමාරක් පමණ කිසියම් පුද්ගලයකු අල්ලා ගෙන ඇතැයිද   සඳහන් කරයි.

අක්කර  94ක් පමණ වූ මහියංගනය ඉඩමෙහි  පවුල් 125ක් පමණ 2015 වර්ෂයට පෙර සිට අනවසරයෙන් පදිංචිව සිටින බැවින් කම්හල්  ප්‍රදේශය හැර ඉතිරි බිම්  ඵලදායි ආයෝජනයක් වෙනුවෙන් යොදා ගෙන නොතිබුණු බවද  විගණන අංශ පෙන්වා දෙයි.

ඔඩ්ඩුසුඩාන් කම්හල සංස්ථාව පාලනය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ හතළිහකට වැඩි මුදලක් අලුත්වැඩියා සහ අනෙකුත් වියදම් වශයෙන් දරා තිබුණද පසුගිය වසරේ ජනවාරි මස වනවිටත් කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකිව තිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පිඟන් සංස්ථාවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

වැඩකට නැති කම්හල් පහකට කෝටියක් නැති කරලා

සමන්තිකා Wednesday, 12 April 2023 05:16 PM

තව දුරටත් මහජන මුදල් ගිලින්නෙ නැතුව ඔකත් ධම්මික පෙරේරාට දෙන්න . පිගන් සංස්තාවෙ වැඩ බැරි රජයේ ගොබ්බ සේවකයනි ගෙදර පලයව්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site