IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැටලීම් ගැන සමාජ මාධ්‍යයට දැමූ දෙකක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාඡකාරිය කරන පොලිස් නිළධාරින් පිළිබඳව මහමග රැඳී සිටිමින් වට්ස් ඇප් සමාජ ජාලය ඔස්සේ අපරාධකරුවන් දැනුවත් කළ දෙයියන්දර ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය.

පරපාමුල්ල දෙයියන්දර රවිදු දිල්ෂාන්(අවු 23)හා කැටියපේ, දෙයියන්දර අමිල උදයංග(අවු30)මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

කාන්තා පොලිස් පරීක්ෂක නදීකා දිසානයක, උප.පොලිස් පරීක්ෂක වරුන් වන ඉසුරු ගුණතිලක , සම්පත් පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප්, කේෂාන් , අයේෂ් යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වගෙන යනු ලබයි.

 



අදහස් (1)

වැටලීම් ගැන සමාජ මාධ්‍යයට දැමූ දෙකක් රිමාන්ඩ්

එරංග Tuesday, 14 May 2024 10:00 PM

සමාජ මාධ්‍ය කිසියම් නීති රාමුවකට ගෙන ඒමට භාෂණයේ නිදහසට මුවා වෙලා විරැද්ධ වෙන්නෙ මෙන්න මේ වගේ තක්කඩි.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site