IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැටලීමට ගිය පොලිසියේ සහායෙන් චීන්නු හෝටලයෙන් පැනලා

(විශේෂ වාර්තාකරුවකු)

බේරුවල සංචාරක හෝටලයක රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු බව කියන චීන ජාතික පිරිසක් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආශිර්වාදය මැද්දේ පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

චීන ජාතිකයන් පිරිසක් හෝටලයක රැඳී සිටින බවට ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව අපරාධ අංශයක් බාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් සඳහා  එම ස්ථානය කරා යොමු කර ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ චීන ජාතික කාන්තාවක් ඇතුළු දස දෙනකු සිට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම හෝටලයේ කාමරයක ස්මාට් වර්ගයේ දුරකථන 70 - 80 අතර ප්‍රමාණයක් ලැෆ්ටොෆ් පරිගණක 10 කට අධික ප්‍රමාණයක්ද තිබී ඇති අතර පොලිසිය වැටලීමත් සමගම ඒවා මෙට්ටයක් යට සඟවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අවස්ථාවේදී වැටලීම් භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් එහි සිටි චීන ජාතිකයන් සතුව බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කිරීමේදී එයින් කිසිවකුටත් වීසා බලපත්‍ර නොතිබූ බවත් අතර කළුතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු සහ එම ප්‍රදේශය භාර විදේශගතව සිටින තවත් උසස් පොලිස් නිලධාරියකුගෙන් වැටලීම භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඔහු එම චීන ජාතිකයන්ට කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් අනෙකුත් පොලිස් නිලධාරින්ද රැගෙන පිටවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරුණු වසංකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනගත් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා එම චීන ජාතිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග ලබාදී ඇත



අදහස් (5)

වැටලීමට ගිය පොලිසියේ සහායෙන් චීන්නු හෝටලයෙන් පැනලා

පැරකුම් Monday, 04 November 2024 05:39 PM

ලොක්කන්ට එක නීතියක්, පොඩ්ඩන්ට වෙන නීතියක්. අපේ පාර්ලිමේන්තුව වගේමයි. බලමු මාලිමාව මේවා හදයිද කියලා...

:       0       53

don Monday, 04 November 2024 07:53 PM

හොඳ ගාණක් අල්ලස් අරන් ඇති...

:       0       0

Mohan Monday, 04 November 2024 08:05 PM

ඔන්න මාලිමාව, පත්කරන්න වගකීම් අරගෙන නිසි ක්‍රියාමාර්ග ගන්න පොලිස් ලොක්කන්...

:       0       0

sam Tuesday, 05 November 2024 11:50 AM

දැන් කරන්න තියෙන්නේ කළුතර භාර පොලිසියේ එකයි විදේශයේ ඉඳලා නියෝග දුන්න එකයි වහාම අත්අඩංගුවට අරගෙන උන් මීට ඉස්සෙල්ලත් කරලා තියන දූෂණ ,අනීතික උපයාගනීම් පිලිබඳ විමර්ශනය කරලා උන්ට දැඩි දඬුවම් දිය යුතුයි

:       0       0

manjula Tuesday, 05 November 2024 11:59 AM

චීන ජාතිකයන් පස්සේ අල්ලන්න... ඉස්සෙල්ලා අර දූෂිත පොලිසියේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site