IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක

 

වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක් අද (12) විරෝධතාවයක නිරතවුහ.

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි

 

වැඩිදුර විස්තර සඳහා 

වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක

 



අදහස් (11)

වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක

බද්රානි Wednesday, 12 August 2020 01:18 PM

මිනිස්සුනේ, ඇත්තටම පිස්සුද? මම නම් කියන්නේ මේ ඉදිරි වසර කිහිපය තුළ කිසිම රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් වැඩි නොකළ යුතු බවයි. පසුගිය රජය මගින් සිදුකළ රුපියල් දහදාහේ වැටුප් වර්ධනයෙන් තමයි මේ රට ආපස්සට ගියේ... වරාය සේවකයින්ට ඒ ගැන නොවැටහුණාට බුද්ධිමත් රාජ්‍ය සේවකයින් ඒ ගැන අවබෝධ කරගෙන තමයි ඒ පැවති රජය ගෙදර යැව්වේ... ඇතිවී තිබෙන කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මොවුන්ගේ වැටුපෙන් කිසියම් මුදලක් රජයට ලබා ගැනීමයි කළ යුතුව ඇත්තේ... මෙවැනි කල්ලි කණ්ඩායම්වලට වැඩිපුර දඟලන්න ඉඩදීම රජයට හොඳ නැහැ...

:       361       138

ChampaWednesday, 12 August 2020 04:29 PM

මේ මිනිස්සු වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ නැහැනේ. ඉල්ලන්නේ වැටුප් වර්ධකයක් (salary increment). වැටුප් වර්ධකයක් හැම වර්ෂයකම දිය යුතුයි. එහෙම කරන්නේ කාර්ය සාධන ඇගයීමක් (performance appraisal) කරලා. වැටුප් වර්ධකය කියන එක වර්ෂයක සේවා කාලයක් සම්පූරණ කළ සියලු ස්ථිර සේවකයින්ගේ අයිතියක්. එහෙම නොදී ඉන්න බැහැ. මේ ගැන කම්කරු අමාත්‍යාංශය මැදිහත් විය යුතුයි.

:       80       2

භද්‍රානි Thursday, 13 August 2020 06:26 PM

චම්පා,ඔයා නොදන්නදේට කට නොදා ඉන්න. ඔයා දන්නදෙකුත් නැහැ නොදන්නා දේකුත් නැහැ. හැබැයි ඉතින් ගැහැනිගේ මොලේ හැඳිමිටේ තරමටවත් නැහැයි කියන්නේ ඔයා වගේ ගැහැණුන්ටයි.

:       140       124

ChampaFriday, 14 August 2020 11:57 AM

භද්‍රානි - ඔයා කවුද මට ඕඩර්ස් දෙන්න? නොදන්නා දේට මම කට දාන්නේ නැහැ. හැබැයි දන්නා දේ කියන්න බය වෙන්නෙත් නැහැ. මම ලියපු එකයි ඔයා ලියපු එකයි දිහා බලපුවාම ඕනේ කෙනෙකුට පේනවා කවුද හැඳිමිට කියලා...

:       231       235

rathnayakaWednesday, 12 August 2020 09:54 PM

ජීවිතයට පාසලකට ගොස් නැති කෙනෙකුට සමාජ ප්‍රශ්න තේරුම් ගැනීමට තරම් මානසිකත්වයක් නොතිබීම පුදුමයක් නොවේ. නමුත් වයස අවුරුදු 90ක පමණ වයසක අම්මලාගෙත් ආශිර්වාදය අපට හිමිවෙනවා. ඔවුන් උගත්, දැනුම් තේරුම් ඇති අය මිසක්, මහින්දගේ ටකරමකට, රුපියල් 200 කට, කුඩයකට... හුරේ දාන්න යන බාල අදහස් ඇති වලපයයි, ගොඩපයයි තියාගෙන ඔහේ ජීවත්වෙන ඕපාදුප කියමින් රට වටේ යන ආච්චිලා නොවෙයි.

:       3       118

බද්රානි Friday, 14 August 2020 08:22 AM

මෙතන නාහෙන් හඬ හඬා... තවමත් දිනපතාම පාසල් යන අපේ රත්නායක සිසුවාට, පෙනෙන සමාජ ප්‍රශ්න කොහොමද මේ වයසක අපට පෙනෙන්නේ? ඉංග්‍රීසි ටිකක් එහෙම ඉගෙන ගන්න ඕනෑ නම් අපේ මේ පොෂ්" චම්පා " ටීචර්ගෙන් ඉගෙන ගන්නකෝ... එයා වසරක් පාසා සේවකයින්ගේ වැටුප් වර්ධක ගැනත් හොඳට කියලා දෙයි? සංගීතයට ලැදි රත්නායක ළමයා "දත් නැති කට මට පෙන්නාලා අපේ ආච්චි සිනා සුනා" කියන සින්දුවටත් හරිම කැමතියි වගේ නේද?

:       1       75

බද්රානි Friday, 14 August 2020 09:59 AM

චම්පා හැමතිස්සේම අනුන්ගේ වැරදි හොයහොයා ඉන්නේ, තමන්ගේ වැරදි හරි ගස්සගත්තොත් හොඳයි නේද..? බොරු බේගල් කියකියා මිනිසුන් නොමග අරින්නේ නැතිව. වන්නි හත්පත්තුවේ උපන්න චම්පා ඔයාට සිංහලීස් බැරිද?

:       50       82

ChampaFriday, 14 August 2020 11:13 AM

භද්‍රානි - සිංහලීස් කිව්වේ මොකක්ද? මම සිංහලෙන් තමයි ලියලා තියෙන්නේ. මෙතන උඩ මාතෘකාවේම තියෙනවා වැටුප් වර්ධකයක් කියලා. ඉංග්‍රීසියෙනුත් ලිව්වේ ඔයා වගේ අයට "වැටුපෙ සහ වැටුප් වර්ධකයේ" වෙනස තේරුම් ගන්න. වැරදි හොයන්න දෙයක් නැහැ. වැරදි දේවල් ලිව්වහම ඒවට උත්තර නොදුන්නොත් නොදන්නා මිනිස්සු ඒව හරි දේවල් විදිහට ගන්නවා. මේ පත්තර පාසල් ළමයිනුත් බලනවා. ඒ හින්දා මේ මිනිස්සුන්ගේ වැටුපෙන් ආණ්ඩුවට මුදලක් ගන්න කියනවා වගේ කතාවකට මුකුත් නොකියා බැහැ. අනික ඔය ඔයා කියන මගේ වැරැද්ද මොකක්ද? මම ලියපු එකේ කියලා තියෙන බොරුව මොකක්ද? අර මම ලිව්වා වගේ පැහැදිලි කරන්න. මම නම් මට කවුරුවත් උත්තර දෙනවට බය නැහැ. විවේචනයට බය වෙන්නේ දුර්වල මිනිස්සු....

:       64       71

SAPUMALThursday, 13 August 2020 07:20 AM

අනේ මන්දා භද්‍රානි, කිසිම අවබෝධයකින් නොවේ කමෙන්ට් කරලා තියෙන්නේ... මේ වැටුප් වර්ධක ඉල්ලන්නේ වරාය අධිකාරියේ කට්ටිය නෙමෙයි. වරාය නගරයේ වැඩකරන තාවකාලික සේවකයින්... ඒ අය රාජ්‍ය සේවකයින් නොවේ. පොඩ්ඩක් ඔලුවෙන් හිටගෙන කල්පනා කරන්න... හරියයි.

:       0       22

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 August 2020 03:06 AM

වරාය කියන්නේ හොර වංචා පිරුණු ගුහාවක් කීවොත් එය නිවැරදියි. මෙතෙක් පැවති බොහෝ රජයන් තමන්ගේ හිතවතුන් බුරුතු පිටින් වරායට දැම්මෙ කිසිදු ඉවක් බවක් නොමැතිව. ඒ නිසා බොහෝ වරාය සේවකයින් පාලනයට ඉතාමත් අමාරුයි. මේ හේතුව නිසා බොහෝ සේවකයන් වැඩ කරන්නේ පුදුමාකාර දේශපාලන හා වෘත්තිය සමිති ගැම්මක් සහිතවයි. මේ නිසා රටකට, ජනතාවකට මේ වරාය සේවකයින්ගෙන් වැඩකට වඩා වෙන්නේ අවැඩක්... මේ තත්වය වහාම වෙනස්කොට වරාය සේවකයන් පාලනය කිරීම රටකට වැඩදායක වෙනබව පෙනේ...

:       0       156

upaliThursday, 13 August 2020 03:53 PM

හමුදාව දාලා වැඩ කරගමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site