(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දය ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබාදෙන චක්‍රලේඛය ලබන සතියේ පිට කරන බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවවේදී අද (28) පැවසීය.
එසේම රාජ්‍ය ආයතනවලට ඈත ප්‍රදේශවලින් එන අයට ඒ ස්ථානවලම නැවතත් රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විවාදයේදීය. මැතිවරණය කල් දැමුවද අවලංගු කර නැති තත්ත්වය යටතේ මැතිවරණ නීතිය කඩා නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවත් මැතිවරණ කොමිෂන් සභාවද ඒ කාරණය පෙන්වාදී ඇති බවත් ගුණවර්ධන මහතා පැවසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැටුප් ප්‍රශ්නය විසඳන චක්‍රලේඛය ලබන සතියේ
dhamneth Friday, 28 April 2023 05:07 PM
මැතිවරණය දිනන අයට නැවත රාජ්‍ය සේවයේ වැටුප් ලැබෙනවද? මැතිවරණයෙන් දිනූ අයට... දැන් මේ නාම යෝජනා දුන්නාට පසු වැටුප් නැතිව ජීවත් වෙන්න බොහෝම අමාරුයි කියන ඇත්තෝ කොහොමද ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරයෙකුට ලැබෙන සුළු දීමනාවෙන් ජීවත් වෙන්නේ..? කළින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට කිසිම දීමනාවක් දුන්නේ නැහැ.. දෙන්න අවශ්‍යත් නැහැ. ගමේම සිටින නිසා...
දියවන්නාවේ කිබුලා Saturday, 29 April 2023 02:42 PM
දන්න කාලෙක ඉඳලා පාර්ලිමේන්තු වේ. අපේ බදුසල්ලි කොච්චර පරිභෝජනය කරලා ඇත්ද? මෙයා හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ සිංහයෙක් වගේ කෑ ගැහුවාම රට දියුණු වෙනවා කියලා...