
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා(21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිට ඇති බවත් එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
එම රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ගෞරි ඛාන්, බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා සහ ඇයගේ සැමියාද වහාම කේ.ඩී රෝහල වෙත පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ෂාරුක් ඛාන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහභාගී වන අවසන් තරඟය නැරඹීමට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජලනයෙන් ෂාරුක් රෝහලට