(කේ බුද්ධික කුමාරසිරි)
විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ සහ කීර්ති උඩවත්ත මහතාට ලේකම් ධූරයේ කටයුතු කිරීමට බාදා කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින නියෝග කළාය.
එසේම විජයදාස රාජපක්ෂ මහතා සහ කීර්ති උඩවත්ත මහතා අදාල තනතුරවලට පත් කිරීම සදහා සදහා පැවැත් වූ විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවද මෙහිදී අධිකරණය තීරණය කරන ලදී.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් සොයිසා යන මහත්වරු විසින් තම පක්ෂයේ විධායක සභාව මගින් සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත මහතා පත් කරගෙන ඇති බැවින් ඒ සදහා බාදා පැමිණවීම වළක්වන ලෙස ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය වෙත ඉල්ලීමක් කර තිබූ එම අවස්ථාවේදී අදාල බාධා කිරීම් නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් පැනවීය.
මේ අතරතුර වග උත්තරකාර පාර්ශවය මගින් අදාල වාරණ නියෝගය ඉවත් කරන ලෙස දිසා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් වූ ඉදිරි නඩු විභාගය ජුලි මස 09 වෙනිදා යළි කැදවීමට නියමිත වේ .
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘විජයදාසගේ පත්කිරීම නිත්‍යනුකූල නෑ‘
Prabha Friday, 31 May 2024 12:53 PM
හිටන් විකුණලා තියෙන්නේ අනුන්ගේ ඉඩමක්ද?
Hafeel Friday, 31 May 2024 02:09 PM
අවසානයේ මෙයා ගිහින් නතර වෙන්නේ කොහේ හරි මරණාධාර සමිතියක සභාපති ධුරය අරගෙන. කාලයක් රනිල්ව විවේචනය කළා, කාලයක් රාජපක්ෂලා විවේචනය කළා, කාලයක් සිරිසෙනව විවේචනය කළා, පසුව මොනවා හරි ඇමැති මස් කටුවක් අරගෙන නැවත ලජ්ජා නැතුව ඔවුන් සමග එකතු වෙනවා...
අරවින්ද මොනරවිල Friday, 31 May 2024 02:47 PM
මහ ලොකු ජනාධිපති නීතිඥයා, නීති විශාරදයා, කරන්නේම නීතියට පටහැනි දේවල්, මෙයාගෙන් නීතී උපදෙස් ගන්න අයට අබ සරණයි...!
විපරමා Friday, 31 May 2024 02:54 PM
ඩීල්දාස කියන්නේ නිකම්ද? තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් ගත්තු කෙනෙක්.