IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරවලට හසුවෙන්න එපා

(යොහාන් භාසුර)

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට  ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල්  ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළාදකඅන බවත් මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම සිදු කරන්නේ විදේශීය ආයතන විසින් වන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මෙම වංචාසගත ප්‍රචාරණ සිදු කරමින් සිටින බව කියන අග්‍රාමාත්‍ය කාර්යාලය මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව  නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී ඇති බව ද එම කාර්යාලය සඳහන් කරයි.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම  වංචනික ගිණුම් හරහා කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන්  ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව  ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (2)

වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරවලට හසුවෙන්න එපා

L.p.augastine Saturday, 15 March 2025 08:46 AM

මෙය මිනිසුන් නොමග යවන කපටි පුද්ගලයන් මෙහෙයවන්න ව්‍යාපාරයක් මහබැංකුව අනුමත නැති හොර උගුලක් රැවටෙන්න එපා...

:       0       2

sugath Saturday, 15 March 2025 05:31 PM

ඔය කොච්චර දැනුවත් කරත්, අපේ උදවිය මුදල් වලට ඇති කෑදරකම නිසා ඔය වංචාවලට අසු වෙනවා. දුන් මුදල් ආපසු ලබා ගත නොහැකි වූ විට, ආපසු රජයට දොස් කියනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site