IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විග්නේෂ්වරනුත් ජනපති සටනට

(සුජිත් හේවාජුලිගේ)

 

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු  වශයෙන් ඉදිරිපත් වීමට  සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී  විග්නේෂ්වරන් මහතා පැවසීය.

දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය.

පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද  ඔහු කීවේය.

මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමා තුළ මේ දක්වා ලොකු කැමැත්තක් නොතිබූ නමුත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාව නොලැබෙන හෙයින් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අදහසක් ඇතිවූ බවද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.

සීවී විග්නේෂ්වරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ  හිටපු විනිශ්චයකාරවරයෙකි.

 

 



අදහස් (8)

විග්නේෂ්වරනුත් ජනපති සටනට

Prabha Wednesday, 27 December 2023 05:01 PM

කොයි පැත්තෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ...!

:       2       9

ajithWednesday, 27 December 2023 09:11 PM

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් යනුවෙන් ඔහු සඳහන් කර තිබෙන්නා වූ ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ එම පක්ෂ තුළ කිසිඳු සංහිඳියාවක් නොමැති බව වේ. රටේ සංහිඳියාව පිළිබඳව කතා කිරීමට පෙර ද්‍රවිඩ දේශපාලකයින් අතර සහ පක්ෂ අතර සංහිදියාව ඇතිකර ගැනීමට කටයුතු කරන්න. තවදුරටත් පුරවැසියන් රැවටීම සිදුකළ නොහැකියි...!

:       0       0

රංබොඩ Wednesday, 27 December 2023 05:12 PM

රටම ඊළමක් කරගන්න හිතාගෙන ඇති... ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවානේ...!

:       2       10

Idangoda nilame Wednesday, 27 December 2023 05:45 PM

මස්සිනාගෙ (ලේලිගේ පියා) දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් මස්සිනාගේ ඉල්ලීම මත උදව්වක් කරාවි කියලා හිතෙනවා... ඒ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ඔහුට වඩා ලොක්කෙක් නැහැ...!

:       0       5

Abiththeya Wednesday, 27 December 2023 05:50 PM

නැගීසිටිය හැක එක්සත්වී බෙදී ගියොත් රට යයි සුන්වී... කියලා ගීතය අහලා තියෙනවා නම් අපේ හාන්දුරුවනේ සිංහල මිනිස්සු ටික එකතු කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතන්නේ නැද්ද?

:       2       5

ranjith Wednesday, 27 December 2023 09:13 PM

දෙවන මනාපෙත් එක්ක ඩීල් එකක් දාගන්න වගේ ඔට්ටුවෙන්නේ..!

:       0       0

Bamunuarachchi Wednesday, 27 December 2023 11:19 PM

වාංග මචන්, වාංග... ජනාධිපති තරඟෙට වාංග... එතකොට අපිට බලාගන්න පුළුවන් දෙමල්ලු ජෙප්පන්ට රැවටුණාද, රනිල්ට රැවටුණාද කියලා...

:       0       0

Kazi Shajahan Thursday, 28 December 2023 12:35 PM

ඔය එන්නේ රනිල් එක්ක ඩීල් එකක් දාගන්න.. ඡන්දෙට කළින් දවසේ කියයි මම අස්වෙනවා. රනිල්ට ඡන්දෙ දෙන්න කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site