IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විකල්පය කියන පක්ෂයට අයි.එම්.එෆ් යන්න ගුවන් ටිකට් නොමිලේ

(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රට ගොඩ නගන්නට දැනට යන මාර්ගය හැර වෙනත් විකල්පයක් තිබේ යැයි යම් පක්ෂයක් කියනවා නම් මූල්‍ය අරමුදලට ගොස් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්නට ඔවුන්ට ගුවන් ටිකට් පත් සහ නවාතැන්  ආණ්ඩුවේ වියදමින් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම පක්ෂ ඉදිරිපත් කරන විකල්ප හොඳ නම් ඒවා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සාකච්ඡා  කරමු යැයි ජනාධිපතිවරයා කීය.

තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්නට නොහැකි බව කී ජනාධිපතිවරයා අප අද ගන්නා තීරණ අනාගතයට බලපාන බව සඳහන් කළේය.



අදහස් (23)

විකල්පය කියන පක්ෂයට අයි.එම්.එෆ් යන්න ගුවන් ටිකට් නොමිලේ

පුරවැසියා Tuesday, 02 July 2024 12:03 AM

ජෝකර් ලා දන්නේ රටක් පාලනය කිරීමට නොවෙයි විහිලු කිරීමටයි

:       0       0

Ahmed (Gulf) Tuesday, 02 July 2024 12:30 AM

විකල්පය තවත් දික් කරන්නේ නැ, ඔයත් ගෝඨා වගේ ගෙදර යන්න

:       0       0

පැරකුම් Tuesday, 02 July 2024 01:17 AM

නොමිලේ දෙන්නෙ ගෙදරින් ගෙනැල්ලද. නෑ ඒ අපේ බදු සල්ලි. එහෙම දෙන්න බෑ.

:       0       0

පුරවැසියා Tuesday, 02 July 2024 02:46 AM

ගුවන් ටිකට්පත් අරන්දෙන්නේ කාගේ බූදලෙන්ද? ඒකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. වයසට ගියාම කියන විකාර කතා නවත්වලා කරුනාකර චන්දය තියන්න. එතකොට මහජනතාව සුදුසු උත්තරයක් දෙයි.

:       0       0

Swene Haputhantirige Tuesday, 02 July 2024 04:18 AM

ආණ්ඩුකරණය කියන්නේ අයිඑම්එෆ් යෑම හෝ නොයෑම හෝ පමණක් නොවේ

:       0       0

Perera Tuesday, 02 July 2024 05:12 AM

එකම විකල්පය ලංකාව දාලා වෙන රටක පදිංචියට යන්න. ඒකට පුළුවන් නම් නොමිලේ ගුවන් ටිකට්පත් වීසා දෙන්න.

:       0       0

චතුර Tuesday, 02 July 2024 05:27 AM

නොමිලේ කියන්නේ ඔයාගේ පවුලේ සල්ලි වලින් ද? එහෙම නැති නම් ඔයා ජනතාවට උහුලන්න බැරි බදු ගහලා එකතු කර ගත්තු සල්ලි වලින් ළඟදී ඔයා ඔයාටම කියලා වෙන් කර ගත්තු කෝටි 827 න්ද? අනේ යන්න මහත්තයෝ...!

:       0       0

Nalaka Tuesday, 02 July 2024 05:33 AM

ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද?

:       0       0

ජගත් ලියනගේ Tuesday, 02 July 2024 06:30 AM

ඔයාගෙ ඔය කරන විහිළු වලට හිනා වෙන්න කුච් කවා ගන්න ඕන.

:       0       0

කුමාර Tuesday, 02 July 2024 07:00 AM

ලොකු විකල්ප එපා මහත්තයෝ. ඔබතුමාගේ යාලුවන්ගේ කපා ඇරපු බොල්ණය කෝටි 5400 අයකර ගන්න. සුරා බදු කෝටි 600 අයකර ගන්න. සීනි බදු, සුදු ළූණු බදු, ළූණු බදු වංචා මුදල් අය කර ගන්න. ඔබතුමාට වෙන්කර ගත් කෝටි 875 ලබා දෙන්න. මහා පරිමාණ ව්‍යාපාරිකයා වෙනුවට පොඩි ව්‍යාපාරිකයන්ට සහන දෙන්න. ඔබතුමාගේ විදෙස් සංචාර , හෙලිකොප්ටර් සවාරි අඩු කරන්න. පිටිපස්සෙන් යන වාහන පේලිය අඩු කරන්න. පැරදිලා ඉන්න යූන්පි කාරයෝ ටික රජයේ මුදලින් නඩත්තු කරන එක නවත්වන්න.

:       0       0

සිල්වා Tuesday, 02 July 2024 07:01 AM

ඔබතුමා යන මඟ පැහැදිලියි. නමුත් පිරිවරා සිටින පිරිසයි ප්‍රශ්නෙ.

:       0       0

wimal Tuesday, 02 July 2024 07:01 AM

බොහෝම කාලයක සිට අපේ ජාතියම ණය උගුලේ දමන්නට එපා කිව්දේ ඇහුවේ නෑ. ණයට කකා සමනලුන් පෝෂණය කළා දැන් කොහොමද අහනවා.

:       0       0

Nimesh Tuesday, 02 July 2024 07:50 AM

රට කොහොමත් ආයේ ගොඩ ගන්න බැහැ , එත් රට වලට දාපු හොරුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ , සුත්තර පුංචා ඔතන ඉන්නකන් ඒවා බොරු

:       0       0

Achini Tuesday, 02 July 2024 09:15 AM

රජයේ මුදල් යනු ඔබේ පුද්ගලික මුදල් නොවේ ඒකත් උබල උන්ට අල්ලස් දෙන්නේ රජයේ සල්ලි වලින් .උඹල නිසා අපේ රට මේ තරම් පහත වැටුණ එක පුදුමයක් නෙමේ ඇයි ඔබ ඔවුන්ට ඔබේ පුද්ගලික මුදල් සහ මහ බැංකුවෙන් කොල්ලකන මුදල් ලබා නොදෙන්නේ

:       15       33

අසරණයා Tuesday, 02 July 2024 09:59 AM

මම පුද්ගලික අංශයේ සේවය කර යම්කිසි මුදලක් ඉතිරි කර එම මුදල් බැංකුවේ දමා පොලියෙන් ජීවත් වෙන විශ්‍රාමිකයෙක් කාටවත් කරදරයක් නොවී ඒ ලැබෙන සොච්චම් මුදලෙනුත් 5% ක් කපනවා ඒ කපන සල්ලි වලින් තමා මේ අපටත් වඩා මහලු අය පිස්සු කෙලින්නේ අම්මා අප්පගේ සල්ලි ඕවට වියදම් කරනවා නම් කමක් නැහැ

:       2       11

kalum Tuesday, 02 July 2024 10:12 AM

පට්ට ජෝකර් කෙනෙක් වෙලා.... කොහොමත් එහෙම තමා නේද?

:       2       7

Suresh Tuesday, 02 July 2024 10:37 AM

ආදරණීය අචිනි, ඔබ කියන්න උත්සාහ කරන්නේ කුමක්ද? ඔබට ගුවන් ටිකට් පත ඉතිරි කර ගැනීමට අවශ්‍යද නැතහොත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නිවැරදි තීරණයක් ගැනීමට අවශ්‍යද? ඇත්තම ඇත්ත තේරුම් ගන්න බැරිනම් කමෙන්ට් දාන්න වෙලාව නාස්ති කරන්න එපා.

:       0       0

fairoos Tuesday, 02 July 2024 11:13 AM

නිකන් විහිළු සපයන්නේ නැතිව ඉන්න

:       0       0

Rata Perata Tuesday, 02 July 2024 11:43 AM

මේ මනුස්සයාට හිතෙනවා ඇති අපේ සල්ලිවලින් රට යන පිස්සුව හැමෝටම තියෙනවා ඇති කියලා.

:       0       0

manjula Tuesday, 02 July 2024 12:20 PM

කිසි දෙයක් දෙන්න එපා දැනට යන මාර්ගය ගොඩක් හොඳයි .හරිම වාසනාවන්ත ගමනක් මිනිස්සුන්ට නිකන් ගෙදරට වෙලා නිදාගෙන හිටියත් කෑම සල්ලි ලැබෙනවා ,මොන තරම් දියුණු රටක්ද.ඔයාම මේ කළා වගේ ආණ්ඩුවේ වියදම් සේරම කරගන්න

:       0       0

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 02:03 PM

අපෙන් අහන්නෙ ඇයි? තමුන්ලා කරනවනේ, අනෙක ඒක ඔබට කියන්න හේතුවක් නැහැ, මේ තත්ත්වයට පත්කර අයම මෙහෙම අහනවා කියන්නේ ඒක පට්ට ජෝක් එකක්

:       1       1

ලසන්ත Tuesday, 02 July 2024 02:11 PM

මූල්‍ය අරමුදලට විකල්ප ඒ ගොල්ලොත් එක්කම කතකරලා හරියන්නේ නෑ නේද? ලසන්ත

:       1       1

උපාලි Tuesday, 02 July 2024 07:54 PM

එයාගෙ පෞද්ගලික මුදලින් ද දෙන්නෙ ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site