IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වකුගඩු ජාවාරම් කළැයි කියන පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම නවත්වයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහල පිළිබඳ පරීක්ෂණ නිමවනතුරු එම රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදු කිරීම අත්හිටු වීමට සත් දෙනකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (04) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් අබෲ මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ මේ සම්බන්ධ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වයෙන් මෙම මස 8 වැනිදා කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරින.මෙම රිට් පෙත්සම මෙම මස 10 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එම්.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.



අදහස් (3)

වකුගඩු ජාවාරම් කළැයි කියන පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම නවත්වයි

swene Thursday, 04 May 2023 10:09 PM

ඔතැන ඔහොම වුවත්, එක පොලිස් ලොක්කෙකුට රාජකාරිය සම්බන්ධව නඩුවක් තිබියදීත් ඔහු එතැනම තබාගෙන කරන පරීක්ෂණ ගැන කවර කතාද?

:       0       0

Prabha Friday, 05 May 2023 01:47 AM

අශ්වයා පණ යන්න දීලා ස්ථාලය වහලා කුමටද?

:       0       0

Lalla Saturday, 06 May 2023 10:54 AM

වකුගඩු නොවේ සියලු ශල්‍යකර්ම වලට අදාල විය යුතුය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site