IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ලං.වි.ම ලොක්කෙක් ගැන පරීක්‍ෂණයක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්‍යාධිකාරිවරයෙක්ට එල්ල වී ඇති මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් තනතුරක වසර 10 කට අධික කාලයක් කටයුතු කර ඇතැයි කියන අදාල නිලධාරියා එම සේවය සඳහා පුර්ණ කාලීනව විදුලිබල මණ්ඩල සේවයෙන් මුදාහැර සිටියදී විදුලිබල මණ්ඩලයෙන් අඛණ්ඩව වැටුප් සහ දීමනා ලබාගෙන ඇති බවට සහ විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීම් ද ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.  

අදාල නිලධාරියාට විදුලිබල මණ්ඩලයෙන් ලැබූ වැටුප් සහ දීමනාවලට අමතරව රජයේ ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදනවලින් සියයට  25 ක දීමනාවක් ද සේවය කළ කාලය තුළ විදුලිබල අමාත්‍යාංශය ගෙවා ඇති බවත් අදාල නිලධාරියා මීට වසරකට පමණ පෙර නැවත විදුලිබල මණ්ඩලයේ සේවයට අනියුක්ත කර ඇති බවත් කියවේ.

ඉදිරි සති කීපයේදී විශ්‍රාම යෑමට නියමිත අදාල නිලධාරියා විශ්‍රාම යන දින තෙක් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කර ඇති බවත් ඔහු මේ වන විට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ ව්‍යාපෘතියට ද සම්බන්ධව කටයුතු කරන බවත් ආරංචි මාර්ග සදඟන් කරයි.



අදහස් (1)

ලං.වි.ම ලොක්කෙක් ගැන පරීක්‍ෂණයක්

ravin Wednesday, 26 April 2023 12:23 PM

වැදගත් කරුනු කීපාරක් කෙරෙහි අවදානය යොමුකරන්න. වසර 10කට පෙර වි බ ම මුදාහැරිම, එම කාලයතුල වැටුප් දෙකක් හා දීමනා ලබාගැනිම, කියන කාලයතුල පාලනය කල රජයන්, දැනට දුශ්‍යමාන පාලනය? ප්‍රතිව්‍යහගත කිරිමෙ අරමුනු?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site