IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ලෝටස් වටරවුමේ තදබදේ නැති කරන හැටි හොයයි

(අංජුල මහික වීරරත්න)

ලෝටස් හරස් පිවිසුම සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ පිහිටි ලෝටස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශය විශේෂයෙන්ම කාර්ය බහුල වෙලාවන්හිදී අධික රථවාහන තදබදයක් ඇති වන ස්ථානයක් බවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් නාගරික ගමනාගමන ජාලයේ රථවාහන තදබදයක් ඇති වන බව නිරීක්ෂණය වී තිබේ. 

කොළඹ වරාය නගරය සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක තත්ත්වයට පත් වීමත්, කොළඹ නගරයේ  දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන සංවර්ධන කටයුතු නිම කිරීමත් සමඟ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි බව පෙනී ගොස් ඇත. 

එම කරුණු සැලකිල්ලට ගනිමින්, වරාය පිවිසුම ගුවන් මාර්ගයේ බෑවුම් සහ සමුද්‍රාසන්න මාර්ගයේ දීර්ඝ කිරීම ද ඇතුළුව, යා කෙරෙන ප්‍රධාන කොරිඩෝ සමඟ සබඳතාව වැඩිදියුණු කිරීම සහ ලෝටස් වටරවුම ප්‍රදේශයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා තිරසර විසඳුම් සැකසීම පිණිස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින්, උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලෝටස් වටරවුමේ තදබදේ නැති කරන හැටි හොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30227 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12318 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 775 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 886 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site