(රෝෂන් තුෂාර)
මෙරට රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා මැඩගස්කරයේ කාන්තාවන් රවටා මෙරට තුළදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තීයේ යෙදුවේ යැයි කියන මැඩගස්කර කාන්තාවක් ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.
වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් මැඩගස්කර් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන මැඩගස්කර් ජාතික සැකකාරිය තැනැත්තන් ජාවාරම් හා විමර්ශනය කිරීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයට මැඩගස්කර් කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
මාස පහමාරක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිටින සැකකාරිය මැඩගස්කර් කාන්තාවන්ට රැකියා ලබා දෙන බවට අඟවා මෙරට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ද පැවසීය.
අදාළ කාන්තාව විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින්,තමන්ට සමාව ලබා දී සිය රටට යෑමට මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත්ව ඇති චෝදනා අනුව පොලිසිය විමර්ශන සිදුකරන බැවින් මුදා හැරීමේ තීරණයක් අධිකරණයට ගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
රහස් පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා වින්දිතභාවයට පත් කාන්තාවන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කරන ලෙස ට දන්වා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොව පැරණි රැකියාවට මැඩගස්කරයෙනුත් ඇවිත්
MD Friday, 12 September 2025 08:22 AM
බොහෝවිට ගැහැණියකට වින කරන්නේ ගැහැණියක්ම තමා.අගමැතිනි පුමුඛ ගොබ්බ මාලිමා මන්ත්‍රී කාන්තාවන් රටේ නූගත් කාන්තාවන්ගේ මනස විකෘති කරලා මොලවල් හෝදලා දැනටමත්.සාපයක්
chinthana Friday, 12 September 2025 08:25 AM
මැඩගස්කර් තානාපති කාර්යාලයක් ලංකාවේ තියනවද ?