
(එම්.ආර්.කේ පින්තු)
කදාන සාන්ත මරියා මාවතේ හල්පේ පටුමග ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයකට රහසිගතව ඇතුල් වු පුද්ගලයකු එහි නවතා තිබු ලොරි රථයක් පැහැරගෙන යද්දී වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කළ යතුරු පැදි තුනක් අනතුරට ලක්කිරිම හේතුවෙන් යතුරු පැදි කරුවකු එම ස්ථානයේම මියගොස් තවත් සිව් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බව කදාන පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ උක්ගල්බොඩ පදිංචි කුලී යතුරු පැදි කරුවකු වු දිපාල් හේමන්ත (44)නැමති දෙදරු පියෙකි.
කදාන සාන්ත මරියා මාවතේ පිහිටි දියර කිරි නිශ්පාදන අලවි නියෝජිත ආයතනයට ඇතුල් වු සැකකාර පුද්ගලයා ලොරි රථය පණ ගන්වා පිටතට රැගෙන යන අයුරු නිවස තුල සිට සීසී ටීවී කැමරා ඔස්සේ දුටු ව්‍යාපාරයේ අයිතිකරු යතුරු පැදියකින් රථය පිටුපස හඹා ගියද ලොරි රථය ඒ වන විටත් වේගයෙන් නොපෙනි ගොස් තිබි ඇත, සිද්ධිය සම්බන්ධව කදාන පොලිස් ස්ථානයටද ඒ අවස්ථාවේ දැනුම් දීමට කටයුතු කර ඇත.
ලොරි රථය පැහැර ගත් පුද්ගලයා අධික වේගයෙන් කදාන දකුණු බටගම කපුවාගාර ගා ගල්බැම්ම ප්‍රදේශ වල රථය ධාවනය කරමින් යන අතර තුර පළමුව කාන්තාවක් දරුවකු සමග පැදවු යතුරු පැදියක් අනතුරට ලක්කර තිබු අතර ඒම කාන්තාවගේ පාදයකට හානි වි දරුවා සමග රාගම රෝහලට ඇතුලත් කර තිබිණි,
එතනින් නොනැවතුණු රියදුරු ආගිය අතේ ලොරි රථය පදවාගෙන තවත් ඉදරියට යන විට යතුරු පැදි කරුවකු මගියකු සමග මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ එම යතුරු පැදියද අනතුරට ලක්කර තිබු අතර යතුරු පැදිය පැදවු පුද්ෆලයා එම ස්ථානයේම මියගොස් යතුරු පැදියේ ගමන් කළ මගියා බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවු බව රාගම රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේය,
තවත් යතුරු පැදියක් අනතුරට ලක් වි පසුව අධික වේගයෙන්ම ගමන් කළ ලොරි රථය කදාන දකුණු බටගම ගල්බැම්ම ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට වැටි ඒ අසල නිවසක තාප්පයකටද හානි කරමින් රථය පෙරලි තිබුණි.
පසුව ලොරි රථය පැහැර ගත් පුද්ගලයාව ප්‍රදේශවාසින් විසින් කදාන පොලිසියට භාර දී තිබුණි.
මෙම රියදුරා බීමත්ව සිටියේද යන්න තහවුරු කර ගැනිම සදහා රාගම රෝහල වෙත රැගෙන යාමට කදාන කටයුතු කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
807
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරියක් පැහැගෙන යද්දී යතුරු පැදි තුනකුත් හප්පලා